IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පොලිසියේ කැබ් රථය සොරාගෙන ගිය සිද්ධියට පීසී අත්අඩංගුවට

(  බිමල් ශ්‍යාමන් ජයසිංහ )

තිස්සමහාරාම පොලිසියේ කැබ් රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම කැබ් රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.

ඉකුත් 3වැනි දින  තිස්සමහරාම පොලිසියේ සැරයන්වරයෙකු තවත් කොස්තාපල්වරුන් දෙදෙනකු සැකකාර රියදුරු පදවන ලද කැබ් රථයෙන් රාත්‍රී ජංගම සංචාරය සඳහා  පොලිස් ස්ථානයෙන්   පස්වරු 6 ට  පිටත් වී  6.50 ලද පැමිණිල්ලක් අනුව වීරවිල පන්නෙගමුව ප්‍රදේශයට පැමිණ තිබූ බව පොලිසිය කියයි.

7.15 ට පමණ පැමිණිලිකාරිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු 7.45 ට පමණ කැබ් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එය නොමැති බව සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සැරයන්වරයාට දැනුම් දී ඇත.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදී කමිසයක් සහ සරමක් ඇඳගත් පුද්ගලයෙකු  කැබ්රථය රැගෙන ලුණුගම්වෙහෙර දෙසට ගිය බවට අනාවරණය කරගෙන ඇති අතර ඉන් අනතුරුව පොලිස් ස්ථායේ නිලධාරී කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂා කිරීමේදී කිරීමේදී කැබ් රථය නවතා තිබූ ස්ථානයේ සිට මීටර් 1200 ක් පමණ දුරින් ඇල්ලේගල මාර්ගයේ  අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසියට හමුවී  තිබිණි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා කැබ්රථයේ ආරක්ෂාව සම්බන්ධව නොසලකා  සොරාගෙන යාමට ආධාර අනුබලදී මේවරදට අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

 

 



අදහස් (0)

පොලිසියේ කැබ් රථය සොරාගෙන ගිය සිද්ධියට පීසී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site