IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලීසියටත් ගහලා

මොරටුව ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ආයතන සිසුන් හා මොරටුව විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන් අතර ඇතිවූ ගැටුම සමතයකට පත් කරන්නට යෑමේදී මොරටුව පොලීසියට ද ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බව මොරටුව පොලීසිය කියයි.

බදාදා රාත්‍රී දහයයි තිහට පමණ ඇති වී ඇති මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් දෙදෙනක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුළු කරනු ලැබූහ.

යතුරුපැදි දෙකක ගැටුමක් මේ සිද්ධියට මුල්වී ඇත.

 

 



අදහස් (0)

පොලීසියටත් ගහලා

ජනක Thursday, 17 January 2013 11:12 AM

ඉගන ගන්නට ගියානම් ඒ වැඩේ හරියට කරන්න..... (ස)

:       0       0

ධර්මේ Thursday, 17 January 2013 04:27 PM

එන්ඩීටී සිසුන්ගේ මානසික ස්වභාවය, මෙහෙ මාදව ලෙස අදහස් පල කර ඇති පුද්ගලයා වෙතින් පෙනී යයි. දැන්වත් මේ එන්.ඩී.ටී. සිසුන් විශ්ව විද්‍යාලයෙන් වෙනත් තැනකට වහාම ගෙන යා යුතුයි. (නු)

:       0       0

පසන් Thursday, 17 January 2013 04:59 PM

මේ සිදුවීම වෙන වෙලාවෙ පොලිසිය කිසිම පියවරක් නොගෙන බලා ඉදලා තියෙනවා..!(නු)

:       0       0

ප්‍රියා Thursday, 17 January 2013 05:01 PM

පොලිස් මහත්තුරුණි ත්‍රස්තවාදීන් සිටින තැන්වලට යනකොට මීට වඩා පරිස්සම් වෙන්න. ඔබලා අපට වටිනවා..!(නු)

:       0       0

සිල්වා Thursday, 17 January 2013 11:46 AM

පාසල් සිසුන්ගේ හොදම දායකත්වයක් ලැබුණු අවස්ථාවක්. (නි)

:       0       0

සුනිල් Thursday, 17 January 2013 12:02 PM

දැන්වත් මෙම ප්‍රශ්නය වෙත ආණ්ඩුවේ අවධානය යොමු වේවායි පතමි. දශක ගණනාවක පටන් පවතින මේ ගැටලු අද උග්‍රවී ඇත්තේ නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නය පොරවෙන් කපන්න වෙනතෙක් බලා සිටීම නිසාය. තත්වය මෙසේ නම් මෙය කෙසේ ශිෂ්‍ය ගැටුමක් ලෙස අර්ථ දැක්විය හැකිද?? මෙය තාක්ෂණ සිසුන් විසින් දියත් කළ කෲර මිලේච්ඡ ප්‍රහාරයකි. (නි)

:       0       0

මනෝජ් Thursday, 17 January 2013 05:29 PM

මේක එකම සරසවියේ ප්‍රශ්නයක්. අපිට අදාල නැහැ කවුද එළියට යන්න ඕනෑ කියලා. (නි)

:       0       0

දම්මි Friday, 18 January 2013 08:00 AM

අන්න හොදම වැඩේ. (නි)

:       0       0

දම්මි Friday, 18 January 2013 07:59 AM

ප්‍රියා පොලීසියේ කොයින්ද මහත්වරු . ඒකේ ඉන්නේ රාළහාමිලනේ (ස)

:       0       0

ඉසුරු Thursday, 17 January 2013 05:47 PM

අනේ මන්දා මොනවා වෙනවාද කියල දැන් (දී)

:       0       0

සුනිල් ප්‍රනාන්දු Thursday, 17 January 2013 12:41 PM

විනාශයේ ඡායාරූප කිහිපයක්... http://i46.tinypic.com/w9tjpg.jpg http://i48.tinypic.com/21k9jx2.jpg http://i46.tinypic.com/uomcm.jpg http://i48.tinypic.com/29uu1lc.jpg (නි)

:       0       0

මහින්ද Friday, 18 January 2013 04:57 PM

ලංකාවත් ඉන්දියාව වගේ වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

චරිත් Thursday, 17 January 2013 01:22 PM

මොරටුව පොලීසියේ අයට ගහලා නම් හරී පව් අනේ.........දුකේ බැහැ මට. (නි)

:       0       0

කිවී Friday, 18 January 2013 09:47 AM

නිකන් දෙන දේ අගයක් නෑ . මෙයාලා ගෙවලා ඉගෙන ගන්න ගියානම් යස අගේට ඉගෙන ගනීවි. (ස)

:       0       0

ඩයස් Thursday, 17 January 2013 08:04 PM

දුප්පත් දෙමවුපියන්ගෙ මුදලින් හා රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන, මේ රට ගොඩනගන්නේ ඔහේලද? ඔය තරුණ ජවය රටට වෑඩදායක දෙයකට යොමු කරන්න. (නි)

:       0       0

මාදව Thursday, 17 January 2013 02:46 PM

දැන්වත් bsc අය ndt කොල්ලො ගැන තේරුම් ගත්තොත් හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site