( තරිදු ජයවර්ධන)
ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (25) පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් අනුව අද (25) උදේ 7.30 ට පමණ පුජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවත් දහල් 11.30 පමණ වන තෙක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත් බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා තවත් දිනක පොලිස්පතිවරයා කැඳවීමට නියමිත බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර නැමැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි. ඊට අදාල හඬපට කිහිපයක්ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි.
පැමිණිල්ලෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිටි නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.
ත්‍රස්තවිමර්ශන අංශයේ තිබු ස්වයංක්‍රීය අවි දෙකක් නිත්‍යනුකූල නොවන ආකාරයට ඉන් පිටතට ගෙන ගොස් යළි ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මෙම පරීක්ෂණයේදී තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ ගැනද විමර්ශන පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පරීක්ෂණයට අදාලව මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ,පොලිස් අධිකාරීවරු දෙදෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරු ඇතුළු පොලීසයේ විශාල පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස්පති පුජිත්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි
ගල්කටස් Sunday, 25 November 2018 10:06 AM
පොලිසියෙන් ඉවත් වෙලා ඡන්දය ඉල්ලන්න ලොක්කා...
shan saudi Sunday, 25 November 2018 10:39 AM
"කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ " දිට්ඨ ධම්ම වේදනීය කර්මය ලොවේ සැමට පොදුයි .
sisil Sunday, 25 November 2018 01:53 PM
මේවා සේරම ශෝ... මිනිස්සු නිකන් ගොනාට අන්දනවා.
Mahee Tuesday, 27 November 2018 04:13 AM
මට පැය හතරක් එපා තත්පර හතරක් දෙනවද? අරයට යස් සර් කියන්නේ නැද්ද එතකොට දැන්?