
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මිය යන විට තෙවරප්පෙරුම මහතා 64 වියේ පසුවිය.
ඔහු දෙදරු පියෙකි. මීට වසර කිහිපයකට ඉහතදී ඔහුගේ වැඩිමහල් පුතු මියගියේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටියදී මෙම අනතුර වී ඇති බවත් එම අවස්ථාවේදී දී තවත් සිවුදෙනකු ලොරි රථයකින් පොහොර තොගයක් බාමින් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු ලොරියට මඳක් ඈතින් අමාත්‍යවරයා වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
සිරුර මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද17) පැවැත්වීමට නියමිතය.
තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයේ හේතුව සොයා ගැනීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු පැමිණ ඊයේ 16) රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළහ.
පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ සිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දේහය තැන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල්ද ගෙවා ඇති බව ඔහු විසින් එම දිනවල ප්‍රකාශ කර තිබිණි.
දේහය එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනා කිරීම සඳහා ඔහු විසින් සිංදුවක්ද තනා තිබූ බවත් අනාවරණය විය .
තමන්ගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත සිදුකරන ලෙසත් ඔහු එමගින් දැනුම් දී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් මියගියාද? අකුණු සැර වැදීමකින් මිය ගියාදැයි ? පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකය.
------------------------------------
(සුමිත් පොතුපිටිය)
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.
නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි රාජ්‍ය අමාත්‍යවරයෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොනවා වුනත් මේ මනුස්සයට මේ වෙච්ච දේට නම් හිතට හරි කනගාටුවක් දැනෙනවා.
සාමදානයේ සැතපේවා .!!
කරන්ට් නොවැදුනු කෙනෙක් හොයා ගන්න බැරි තරම්. කරන්ට් වැදිලා මැරෙන එක, එක අතකට අබිරහසක්. සාමාන්‍යයෙන් මාසෙකට 4 - 5 වතාවක් මටත් කරන්ට් වදිනවා, පොඩි පොඩි වැඩ කරන්න ගිහින් ගෙදර. සමහර වෙලාවට ට්‍රිප් එක ඕෆ් වෙනවා. අනික් වෙලාවට මොකුත් නෑ. අපේ ගෙදර 3 ෆේස් තියෙන්නේ. කෙනෙක් පහදන්න මේක හරියටම. ලොකු සේවයක්.
ඔහුගේ දේශපාලන පක්ෂය හෝ මතයට වඩා ඔහු නියෝජනය කරන මහජනතාව වෙනුවෙන් ඇප කැපවී වගවීමෙන් කටයුතු කල මනුෂ්‍යත්වය වෙනුවෙන් සැමවිටම පෙනී උන් මිනිසෙක්.ගංවතුර ,කොරෝනා උවඳුර අතර කාලයේ මිනිසුන් වෙනුවෙන් කල කී දේ හැමදාමත් හදවත් තුල පවතී.ඔබට නිවන් සුව!
ඔහු නියෝජනය කල පක්ෂය කුමක් වුවත් මා ඉතාමත් ගරු කරන සුන්දර මිනිසා. ඔබට නිවන් සුව ගරු මැතිතුමනි. ඔබ වැනි දේශපාලකයින් බිහිවන්නේ ඉතාමත් කලාතුරකින් අවංකවම දුප්පතාට පිහිටවු ඔබ ජාති ආගම් භේද නොමැතිව සියළුම ජාතින්ගේ හදවතේ සදා නොමියන චරිතයකි. ඔඅබට සුභ ගමන් මැතිතුමනි !!
ඉතාමත් කණගාටුයි. නිවන්සැප ලැබේවා..!
අයියෝ පව්. මොනවා වුණත් මිනිස්සුන්ට උදව් කළ වැඩ කළ කෙනෙක්... ගිය ඡන්දෙන් පරාද වුනේ unp එකෙන් ඉල්ලපු නිසයි... unp, එකට වැදුණු සාපය මෙයාටත් පරාද වෙන්න හේතු වුනේ. වෙන පක්ශයකින් ඉල්ලුවා නම් ස්තිරවම දිනනවා. නිවන් සුවය ලැබේවා..!
ඔබතුමාට නිවන්සුව ලැබේවා
එකත් එකටම හොරෙන් විදුලිය ගන්න යන්න ඇති.ඒ උනත් පොතේ හැටියට නම් පොහොර බාපු මිනිස්සුයි විදුලිබල මණ්ඩලේ කට්ටියයි විමලසුරේන්ද්‍ර මහත්තයා පණපිටින් උන්නානම් එයාවයි පොලිස්පතිගේ විශේෂ නියෝගයක් යටතේ අත්අඩංගුවට ගන්න ඕන
හරි හෝ වැරදි දේ කෙලින් කරපු මනුස්සයෙක් .ඔබට සුභ ගමන්
මැරෙන බව අමතක නොකළ දේශපාලකයෙක්. එවන් දේශපාලකයෝ දුලබයි. අවසන් හුස්ම යනකම් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න අයට මෙතුමා ආදර්ශයක්..... ඔබතුමාට නිවන්සුව පතමු.
හරිම කණගාටුදායකයි .පොළවේ පය ගහලා ජීවත් වූ අවන්ක මනුස්සයෙක් .නිවන්සුව ලැබේවා !
හිත හොඳ මිනිහෙක්. ඉතා කණගාටුදායක සිද්දියක්. නිවන් සැප ලැබේවා.
මෙම අවකාශයේ මුද්‍රණය කිරීමට වචන නැත. උන්වහන්සේ සමාදානයේ සැතපේවා
චන්ඩියෙක් උනත් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක්. නිවන් සුව ඔබතුමාට.
ඉතාම කනගාටුදායක දෙයක්.එතුමා සාමාන්‍ය මිනිස්සු එක්ක හිටපු,ඒ අතරින් මතු උනු කෙනෙක්.මිනිස්සුන්ට ගොඩක් උදව් කලා.කලුතරට එන ඕනිම කරදරේකදි එතුමා පෙරමුණ අරන් උදව් කලේ.ගිය චන්දෙන් එතුමා පරාද උනේ unp එකෙන් ඉල්ලපු නිසයි.unp එකට තිබ්බ ජනතා විරෝධය නිසයි පරාද උනේ.වෙන පක්ශයකින් ඉල්ලුව නම් එතුම අද මන්ත්‍රීවරයෙක්.අව්‍යාජ පුද්ගලයෙක්.නිවන් සුවය ලැබේවා.
මෙතුමා ආදර්ශමත් සැබෑ ජනතා සේවකයෙක්, ජාති ආගම් භේදයකින් තොරව සේවය කල මහත්මයෙක්. එතුමාගේ භාෂා ශෛල්‍ය සහ හැසිරීම තරමක් රැඩිකල් වුනාට අවංක මනුස්සයෙක්. කොරෝනා සමයෙත්, අලුත්ගම ගැටුම සමයෙත් එතුමාණන් ජාති ආගම් භේදයකින් තොරව කල සේවය වර්ථමාන තක්කඩි දේශපාලඤයින්ට අපූරු ආදර්ශයක්. සමහරක් දේශපාලඤයින් මියයද්දී සතුටු වන රටේ ජනතාව මෙවැනි දේශපාලඤයින් මිය යද්දී දුක්වීම තුල වර්ථමාන දේශපාලඤයින්ට සිතන්න බොහෝ දෑ ඉදිරි කොට ඇත. - තෙවරප්පෙරුම මහතාණෙනි!, ඔබට සුබ ගමන්.
මිනිස්සුන්ට බෙහෙවින්ම ආදරය කරපු ,මිනිස්සුන්ගේද ආදරය නොඅඩුවම ලැබූ හොඳ මනුස්සයෙක් .එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
දේශපාලකයින් අතර සිටිය ඉතාමත් හොඳ මනුස්සයෙක් ,හැමවෙලේම නැති බැරි මිනිස්සුන්ට උදව් කරා .ඔබ වනි අය නැවත උපදින්න මොනවාහරි කුසලතාවක් අරගෙන එන්න අපේ රටටම ,නිවන් සැප ලැබේවා පාලිත
හොඳ මිනිහට ආයුෂ අඩුයි. පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුෂ්‍යයෙක්.
සියල්ලෝම රංගදරයෝය ඔහුගේ කොටස අසන් විය ඔහු ඉතාම ගුණ යහපත් චරිතයක රගපෑවේය විදුලිය අනවසර හෝ අනාරක්ෂිත අකාරයෙන් විය යුතුය...... ඔබ කලාවු යහපත් ක්‍රියා හේතුකොටගෙන නිවන් සුව ලැබේවා......කල හොඳ ක්‍රියා මිනිසුන්ට මතයේ රුඳේවා
දුකයි. හිත හොඳ මනුස්සයෙක්...
නිවන් සුව...!
එතුමාගේ හදිසි වියෝව අපිට නම් හිතාගන්න, දරාගන්න බැරිතරම්. මිනිස්කම් වලින් පිරුණු ජනතාවට අප්‍රමාණ සේවයක් කරපු කෙනෙක්. ඔහුට නිවන්පුර රුවන්දොර ඇරේවා.
මනුස්සයා හොඳ වුණාට පාර්ලිමේන්තුවට යවන්න එපා. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න. තාමත් අපිට ඕක ඉගෙන ගන්න බැරිවුණානේ...!
ඔබතුමාට නිවන් සුව ලැබේවා...!
තක්කඩි දේශපාලනඥයින් මියයද්දී සතුටු වන රටේ ජනතාව මෙවැනි දේශපාලඥයින් මිය යද්දී දුක්වීම මගින් මේ රටේ ජනතාව ගුණමකු නොවන බව පේනවා. තක්කඩි දේශපාලඥයින් මියයද්දී සතුටු වන එකට එම මිනිසුන්ට බැනලා වැඩක් නැහැ... මේවා ආදර්ශයට අරන් දෙනවත් යහපත් මනුස්සයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ කමෙන්ට් ඔක්කෝම බලන්න. තක්කඩි දේශපාලඥයින්ට අපූරු ආදර්ශයක් - තෙවරප්පෙරුම මහතාණෙනි!... ඔබට සුබ ගමන්...
මහ පොළොවේ ජීවත් වුණා. දඩබ්බර වුණත් සුන්දර මිනිසෙක්.. යන්න ඕනෑ අය හැරමිටි වරුවෙන් හරි එල්ලිලා ඉන්න හදන කාලේ.. ඉන්න ඕනෑ කෙනෙක් වෙලත් යන්න හදිස්සි වුණා. මැරෙන බව අවබෝධ කරගෙන ජීවත් වුණු ඔබට සුබ ගමන්.. නිවන් සුව ලැබේවා...!