IMG-LOGO

පුලතිසිපුරට බවුසර් වතුර මදි පාටයි

වසරකට වැඩි කාලයක සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින වියළි කාලගුණයත් සමග පානීය ජල මූලාශ සිඳීයාමෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

ඝන අඩි අක්කර එක්ලක්ෂ විසි පන්දහසක ධාරිතාවෙන් යුත් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඝන අඩි අක්කර පනස් දහස දක්වා අඩු වී ඇත. මින්නේරිය , කවුඩුල්ල හා ගිරිතලය ජල මට්ටම බාගයකටත් වඩා අඩු වී ඇත.

දැඩි නියඟය හේතුවෙන් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව හා ලංකාපුර කොට්ඨාසවල පවුල් 8000ක සාමාජිකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පානීය ජල අර්බුදයට මුහුණ පා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා කියයි. ඇලහැර, හිඟුරග්ගොඩ හා මින්නේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජල හිගය තදින්ම බල නොපාන බව ආපදා නිලධාරීහු කියති.

පීඩාවට පත්වූවන්ට අවශ්‍ය පානීය ජලය බවුසර් නවයක් හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව ද නානායක්කාර මහතා සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත අතරින් පානීය ජල අර්බුදයට වැඩි වශයෙන් මුහුණ පා ඇත්තේ වැලිකන්ද කොට්ඨාසය වන අතර එහි පවුල් පන් දහසක පුද්ගලයන් දහසය දහසක් පානීය ජල අර්බුදයට මුහුණදී ඇති බව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච් එස් කේ ජේ බණ්ඩාර මහතා කීවේය. ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල්වලට දිනකට ජල ලීටර ලක්ෂයක් පමණ බවුසර් තුනකින් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ද බණ්ඩාර මහතා සඳහන් කළේය.

රජය මගින් පානීය ජලය බෙදා හැරීමට අමතරව යම් ආයතනයක් හෝ පරිත්‍යාගශීලීන් පානීය ජලය ලබා දීමට කටයුතු කරන්නේ නම් එය ද විශාල ශක්තියක් බව ද ඔහු කීවේය.

(ඡායාරූප නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිනී)

DSC03704 DSC03752 DSC03758 DSC03761 DSC03764

DSCF7011 DSCF7076 mkiskknan-



අදහස් (0)

පුලතිසිපුරට බවුසර් වතුර මදි පාටයි

චාමර සඳරුවන් සිල්වා Monday, 19 September 2016 11:17 AM

කෝ මේ පුලතිසිපුරෙන් බිහිවුණු පරාක්‍රමබාහු රජු (බ)

:       0       0

කුමාර Tuesday, 20 September 2016 03:25 AM

ඕක තමයි යහපාලනයට ලැබුන තෑගි ස්වභාව ධර්මයෙන් (නි)

:       0       0

ඉසංක Monday, 19 September 2016 01:27 PM

වැස්ස ඇවිත් යනවා.(හේ)

:       0       0

සදුන් Monday, 19 September 2016 08:46 AM

දැන් මුළු රටටම පායනවා. හැම තැනටම වතුර නෑ.(හේ)

:       0       0

දහම් Monday, 19 September 2016 09:17 AM

දිගටම පායනවා. දිනපතාම තැන තැන ගිනි ගන්නවා. ලොක්කෝ රට සවාරි යනවා. ජනතාව කබලෙන් ලිපට වැටුණා (ම)

:       0       0

රවී දර්ශන Monday, 19 September 2016 10:14 AM

තව තවත් ගස් කපමු, එතකොට වතුර ප්‍රශ්නයට හරිම විසදුම ලැබෙයි..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site