IMG-LOGO

පලාගල පාසලක 11 වසර තාවකාලිකව වසා දමයි

(කුෂාන් ජයවර්ධන)

පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ විදුහලක 11 වසර පංතිය තාවකාලිකව වසා දැමුණු බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කලුගල උස්සාන ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයකු වර්තාවීමත්, ආසාධිතයාගේ දරුවකු අදාල විදුහලේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබීමත් ඊට හේතු වි තිබේ.

මෙලෙස කොවිඩ්-19 ආසාධිතව ඇත්තේ කලුගල උස්සාන ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයකුටය. ඔහු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු බවත්, එහිදී සිදුකර තිබූ පි.සී.ආර්. පරීක්ෂණයකදී එම පුද්ගලයා ආසාධිත බවට අද හදුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට එම අසාධිතයා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කිරීඹට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබේ. ඔහුගේ බිරිය දරුවන් හා සහෝදරයා එම බිරියද මවද ඇතුලු පවුල් දෙකක පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පලාගල සෞඛ්‍ය බලධාරීහු මේ වනවිට කටයුතු කර ඇත. නිරෝධායනයට යොමු කර ඇති එම පිරිස අතර සිටින මව වයස අවුරැදු 71 ක් බව සෞඛ්‍ය අංශ කියයි.

අසාධිතයාගේ දරැවා ඉගෙනුම ලබන බව කියන විද්‍යාලයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම විද්‍යාලයේ 11 වසර පංතියද හෙට සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
 
එම ආසාධිතයා අද දිනයේ එම ගම්මානයේ පැවැති අවමංගල්‍යාධාර සමිතියකට ද සහභාගී වී ඇති බවට සෞඛ්‍ය අංශ මේ වනවිට අනාවරණය කර ගෙන තිබේ.



අදහස් (0)

පලාගල පාසලක 11 වසර තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site