අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවට අයත් බටපොළ පොදු සුසාන භූමියේ සොහොන් කොත් සහිත මීනිවළවල් අධිකරණ අවසරයකින් තොරව ඩෝසර් කර දමා තණකොළ පිඩැලි සහිත පස් බැම්ම ද විනාශ කැර ඇතැයි කියති.
වසර 30 කට අධික කාලයකට ඉහත දී මිය ගිය නීතීඥවරුන්, ගුරු මව්පියන්, ගමේ පැරණි ප‍්‍රභූවරුන් හා විද්වතුන් මෙන්ම ගැමියන්ගේ සිරුරු 40 කට වැඩි සංඛ්‍යාවක් භූමීදානය කර ඇති මෙම සුසාන භූමීය ඉකුත් මස ඩෝසර් බැකෝ යන්ත‍්‍ර යොදා පස් කපා ඉවත් කර තිබේ.
මිටියාගොඩ බටපොළ විහාරස්ථානයට ඉදිරියෙන් පාරේ අනිත් පැත්තේ කදු ගැටයක පිහිටි මෙම පොදු සුසාන භූමීයට ඉහළින් ප‍්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය ද පිහිටා ඇත.
ලංකාවේ නීතිය අනුව පොදු හෝ පවුලේ සුසාන භූමීයක වළ දමා හෝ තැන්පත් කර ඇති මළ සිරුරක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඥාතීන්ගේ කැමැත්ත ඇතිව ප‍්‍රදේශයේ අධිකරණයෙන් අවසර ලබාගත යුතු වේ.
එවැනි ක‍්‍රමවේදයන් කිසිවක් අනුගමනය නොකරමින් එම පොදු සුසාන භූමීයේ වල දමා තිබූ මියගිය අයගේ ඥාතීන්ගේ විරෝධතා මැද ප්‍රදේශිය සභාව විසින් සොහොන් භූමීය තුළ තිබූ මළ සිරුරු තැන්පත් කළ වලවල් හා සොහොන්කොත් සොයා ගැනීමටවත් නොහැකි වන සේ විනාශ කර දැමීම පිළිබඳව ප‍්‍රදේශවාසිහු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පැමිණිලි කළ බව තම නම් සඳහන් කිරීමට අකමැති කීපදෙනෙකු පැවසීය.
මේ සම්බන්ධව අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කේ.කේ.ලක්‍ෂ්මන් මහතා පැවසුවේ දිගුකලක් සිට කැලෑවට යට වෙමින් තිබූ සොහොන් භූමීය නවීකරණය කිරීමට තණකොළ පිඩැලි ඇල්ලූ බවත් එය කියන තරම් සොහොන් වලට හානියක් සිදුනොවූ බවයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රා සභාව මළවුන් නැගිට්ටුවයි
ප්‍රසන්න Saturday, 23 May 2015 11:56 AM
දැන් ගොඩක් කට්ටියට මොකක් වුණත් පෙනෙන්නේ යහපාලනයේ වැරදි. (නි)
ඉසුරන්දි Saturday, 23 May 2015 05:19 AM
රටට ගිය කලක්. (ස)
ප්‍රනාන්දු Friday, 22 May 2015 09:09 PM
මේ යහපාලනයේ මහිමයද? (නි)
නන්දලාල් Friday, 22 May 2015 12:47 PM
මේක ඉතාම අමානුෂික සිද්දියක්. කවුරු කොහොම කීවත්, මොන සිද්ධාන්ත ගෙනහැර පැවත්, මියගිය සාමාන්‍ය හෝ උසස් ප්‍රාදේශීය වාසීන්ට මෙවැනි විදියට අගරු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවක් බව නම් නොකියාම බැරිය ...... මා සිටින රටේ මෙවැනි සිද්දියක් ඇති උනොත් එම වැරදිකරුවන්ට නඩුපවරා දඬුවම් දෙනවා. ශ්‍රී ලංකාවෙත් මෙවැනි නීති පද්ධතියක් තිබේද? (කේ)