
(අංජුල මහික වීරරත්න)
පරිසර ආරක්ෂණ සමුළුවට (Eco Expo Asia 2025) සහභාගි වීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා හොංකොං බලා අද(27)පිටත්ව ගියේය.
කාබන් අවම කිරීම සඳහා හරිත නිෂ්පාදන (Green Innovations for Carbon Neutrality) යන තේමාව යටතේ පැවැත්වෙන Eco Expo Asia සමුළුව සඳහා රටවල් සහ කලාප 12 කින් ප්‍රදර්ශකයින් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
ලංකාවේ හරිත නිෂ්පාදන සහ කාබන් අවම කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා මෙම සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිත වන අතර චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය, හරිත සහ ස්මාර්ට් සංචලතාව සහ ESG-සම්බන්ධ සේවා (ESG-related Services) යන ක්ෂේත්‍ර තුන ඔස්සේ පරිසර සංරක්ෂණය සඳහා විවිධ විසඳුම් ඉදිරිපත් කරමින්, හරිත ව්‍යාපාර අවස්ථා සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මෙම පාරිසරික ආරක්ෂණ සමුළුවෙන් අපේක්ෂා කෙරේ.
2025 ඔක්තෝබර් මස 08
1518
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පරිසර ඇමති හොංකොං සමුළුවට