
ඉරානයේ කෙර්මාන් නගරයේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ හෝ අනුබල දුන් කිසිවකුට කිසිම සමාවක් නොදෙන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා තිබේ.
එම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 103 කි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 211 කට වැඩිය. ඇමෙරිකන් ප්‍රහාරයකින්, මියගිය ඉරාන විප්ලවීය හමුදාවේ ජනරාල්වරයකු වූ කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, ඉරානයේ දකුණුදිග කෙර්මාන් නුවර, ඔහුගේ සොහොන් ගැබ අභියස පැවැත්වෙද්දීය. කසීම් සුලෙයිමානීගේ සොහොන් ගැබ ඇත්තේ ෂියා ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසලය. ගුණ සැමරුමට දහසකට වැඩි ඉරාන වැසියෝ පිරිසක් එක් රොක් වී සිටියහ. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉරාන ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත.
‘ඉරානයට විනාශ කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ නපුරන් යළිත් වරක් ඉරානය අඩපණ කිරීමට උත්සාහ ගත්තා. අහිංසක ඉරාන වැසියන්ගේ ලේ සෙලවූවා. ප්‍රහාරය පසුපස සිටින ඉරානයේ සතුරන් කිසිවකුට අප සමාව දෙන්නේ නැහැ. ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට සුදුසු ආකාරයේ දඬුවමක් හිමිවේවි.’ යැයි ඉරාන උත්තරීතර නායකයා පැහැදිලි කර තිබේ.
ඉරානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ සුන්නි මුස්ලිම් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය.
සුන්නි මුස්ලිම් ත්‍රස්තයන්, පසුගිය වසර ගණනාව පුරා ෂියා මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදු කර ඇත.
කසීම් සුලෙයිමානී යනු ඉරානයේ සිටි බලවත්ම පුද්ගලයෙකි. ඔහු දෙවැනි වූයේ ඉරාන උත්තරීතර නායක කොමේනිට පමණි. සුලෙයිමානී ඉරාන විප්ලවීය හමුදාවට අයත් අතිරේක බලඇණිවලට නායකත්වය දුන්නේය.
සුලෙයිමානී ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වූයේ 2020 වසරේ දී ඉරාකයට ගිය අවස්ථාවේදීය. ඇමෙරිකන් හමුදා සුලෙයිමානී ඝාතනය කළේ එවකට ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඞ් ට්‍රම්ප් ලබා දුන් නියෝගයකට අනුවය.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නෑ - ඉරානය