හැත්තෑව දශකයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගණිතය ඉගැන් වූ දැන් පැරීසියේ ජීවත්වන ඒ.පී. පෙරේරා මහතාට උපහාර පිදීමේ සුහද හමුවක් මහනුවර ගැටඹේ දී පැවැත්විණි.
ඔහුගෙන් උගත් ආදි සිසුහු මෙය සංවිධාන කළහ. ඒ.පී. පෙරේරා මහතා පොරමඩුල්ලේ ආදි සිසුන් හමුවූයේ දශක හතරකට පසුවය. පැරීසියේ ජීවත්වන ලාංකික දරුවනට ඔහු නොමිලේ ගණිතය උගන්වයි. දහම් අධ්‍යාපනය ලබාදෙයි. යුරෝපයේ පාසල් නිවාඩුව බැවින් ඔහු ආදි සිසුන් සොයා ලංකාවට ආවේය. ඔහුගෙන් උගත්තෝ අද විවිධ ක්‍ෂේත‍්‍රවල ඉහළම පුටුවල හිදිති.
පොරමඩුල්ල විදුහලේදී 1967-68 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ දක්‍ෂමතම නිලිය වූ පුෂ්පා කුමාරි මංගලිකා ගැටඹට ආ ආදි ගුරුතුමන් මල් කළඹක් දී පිළිගත්තාය.
එල්.ආර්.බී. දිසානායක, ටෙක්ලා ජයකොඩි එහිදී දෙසුම් පැවැත් වූහ. ආදි ගුරුතුමියන් හට එහිදී සිහිවටනයක්ද පිරිනැමිණි.
ඒ.පී. පෙරේරා මහතා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිට පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආවේ පළමු පත්වීම ලබාගනෙය. අනතුරුව ඔහු කොළඹ නාලන්දා විදුහලේද සේවය කළේය.
උත්සවය අවසානයේදී අපට අතීතයේ කතාවක් මතක්විය.
”සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතැමුන් බුද්ධ ධර්මය විෂය අසමත්ය. නමුත් ගණිතය සමත්ය. ඒ ගණිත පාඩම ඉගැන්වූයේ ඒ.පී. පෙරේරා ගුරුතුමාය.”
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පැරිස් ගිය ගුරු පියාට පොරමඩුලූ ආදි සිසු උපහාර
දයා, සෞදි Monday, 24 September 2012 12:45 PM
පිදියයුත්තන්ට පිදිය යුතුයි (නි)
ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 12:54 PM
කළ ගුණ දන්න හොද යහපත් දරුවන් ටිකක්. වාසනාවන්ත ගුරු පියෙක්. ඔබට දිගාසිරි පතමි. (නි)
සේනානායක Monday, 24 September 2012 03:55 PM
මෙවැනි උතුමන් වර්තමානයේ දුලබයි..(ස)
රංජිත් Monday, 24 September 2012 09:22 PM
එතුමා කොතරම් නීහතමානි ආදර්ශවත් ගුණවත් පුද්ගලයෙකුද කියනවා නම් පැරිසියේ ඉන්න දු පුතුන්ගේ අධ්‍යාපනය සඳහාත් හොඳ උපදෙස් ලබාදෙමින් විශාල සේවාවාක් නිහඞව කරගෙන යනවා. ඔබට දිගාසිරි පතමි. (නි)
සිල්වා පැරිස් Monday, 24 September 2012 02:28 PM
ඔහු ගම්පහදි පෙරේරා සර් දුන් දෙය සැමදා සුවදයි. මමත් ඔහුගේ ගෝලයෙකු බැවින් අපේ ගුරුතුමාට ජයසිරි.(නදී)
ගයාන් Tuesday, 25 September 2012 02:54 AM
ගුරුතුමාගේ මේ තරුණ පෙනුමේ රහස කුමක්ද? (නි)
චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:15 PM
හොද දේ කරපු අයට හැමදාම ලැබෙන්නේ හොදම තමයි. (නි)