
ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (30) ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.
මැතිවරණය අදියර දෙකකින් සමන්විත අතර, අද (30) ආරම්භ වන්නේ පළමු අදියරය. දෙවැනි අදියර ලබන ජූලි 7 වැනිදා පැවැත්වෙනු ඇත.
පසුගිය දා යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය. ප්‍රංශය යනු යුරෝපා සංගමයේ ප්‍රබලතම සාමාජිකයෙකි. යුරෝපා සංගමයට අයත් රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව ඊට සහභාගී විය. එයින් ජයග්‍රහණය කළේ යුරෝපා රටවල ජාතිකවාදී දේශපාලන කණ්ඩායම්ය.
ඒ අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ ලිබරල් මෙන්ම මධ්‍යස්ථමතධාරී පක්ෂය පරාජය වූ අතර, ප්‍රංශයේ විපක්ෂය වන ජාතිකවාදී 'නැෂනල් රැලි' පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂවලට ජය හිමිවිය.
යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණය සැලකිල්ලට ගනිමින්, වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට ජනාධිපති මැක්රොන් පියවර ගත්තේය. අද මැතිවරණය ආරම්භ වන්නේ ඒ අනුවය.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රංශ මැතිවරණය ඇරැඹේ