IMG-LOGO

ප්‍රංශයෙන් ඉකුත් 24 පැයේ ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහට ආසන්න වෙයි

ප්‍රංශයෙන් ඉකුත් පැය  24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශය  වාර්තා පවසයි .

2019  නොවැම්බර් මස ලෝකයේ කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග දිනකට ප්‍රංශයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර කලින් දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 368,149 අභිබවා ගොස් ඇති බව ප්‍රංශ රජය පවසයි . මෙය යුරෝපා මහද්වීපයේ දිනකට වාර්තා වූ වැඩිම කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවද වේ

දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට අනාවරණය වූ ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු ප්‍රභේදයක් නොවන බවට ලෝකයා සැලකීම විශාල වරදක් බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ප්‍රධානියා අනතුරු ඇඟවීය.

පසුගිය සතියේ යුරෝපයෙන් කෝවිඩ් ආසාදිතයන ලක්ෂ 50 ක් වාර්තා වී ඇති අතර ලබන මාර්තු මාසය වනවිට යුරෝපා ජන ගහනයෙන් හරි අඩක් ඔමික්‍රෝන් ප්‍රභේදයට ගොදුරු වේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇත .

කෝවිඩ්-19 වසංගතයේ අවසානය පෙනෙන තෙක් මානයේ නොමැති බැවින් කෝවිඩ් රෝගය පිළිබඳ සැහැල්ලුවෙන් නොසිතන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත .

(ද ගාඩියන් පුවත් සේවය ඇසුරින් විමුක්ති එස් රුද්‍රිගූ)



අදහස් (2)

ප්‍රංශයෙන් ඉකුත් 24 පැයේ ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහට ආසන්න වෙයි

Sujeewa Thursday, 20 January 2022 12:54 AM

අපේ රටේ ජනතාවට යන්න කියන්න ඕනේ ප්‍රංශයටම.. ලෝකයේ ඉන්න හැටි බලාගන්න. එහෙම නැතිනම් ඇමෙරිකාවට. ඇමෙරිකාවේ දිනකට 2500ක් පමණ මැරෙනවා. ලක්ෂ 9කට පමණ කොරෝනා වැළඳෙනවා. ආණ්ඩුවට (මොන පක්ෂයක වුණත්) බනින්නයි, රට වටේ විනෝද චාරිකා යන්නයි විතරයි ජනතාව දන්නේ. ආණ්ඩුව මොරදෙනවා බූස්ටරය ගහගන්න කියලා..

:       0       1

Nihal Thursday, 20 January 2022 11:18 AM

දවසට සිය දහස් ගණන් මැරුණත් ඔවුන් හැසිරෙන්නේ වසංගතයක් නැති ගානට .හේතුව කිසිඳු මරණයක් මාධ්‍යයේ නොපෙන්වීම නිසා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site