වත්තල ඒම්.ලැනරොල් මහතාගේ පරවියෝ 12 අද අනුරාධපුරයේ සිට පැය දෙකකුත් මිනිත්තු 15 කින් හසුනක් ද රැගෙන වත්තල සුපුරුදු නිවසට පියාසර කළහ.
අනුරාධපුර ඩී.ඒස්. සේනානායක විදුහලේ ගේට්ටුව අසලින් පෙරවරු 8.26 ට මුදා හැරුණූ පරවියෝ උදේ 10.45 ට වත්තල හැදල හන්දියට ළඟා වුහ.
සිංහල රජ දවස පරවියන් පණිවුඩ හුවමාරුවට යොදා ගත් බව ඉතිහාසයේ දැක්වේ. තාක්ෂණය නොදියුණු ඒදාපරවියාගෙන් පණිවුඩ හුවමාරුවට මහ මෙහවරක් කළ බව සිසුනට පෙන්වාදිම සඳහා මෙම වැඩ සටහන අද සිදු කැරිණි. අද ලංකාදිප පෙරවරු 8.26 අනුරාධපුර යනුවෙන් පරවියන්ගේ පාදයක පණිවුඩය ගැට ගසා තිබිණි.
පරවියා මතක ශක්තියෙන් ඉහළම තැනක් ගන්නා පක්ෂියෙක් යැයි විද්‍යාඥයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත් වැඩක්. සුබ පැතුම්! (ම)
ඇත්තෙන්ම පාසල් සමයේදී පරවි සංදේශය සහ ගිරා සංදේශය පොත්වල කවි ගායනා කිරීමේදී මෙම පක්ෂීන් ලවා මෙම සඳෙස් කවි යැවීම වර්ණනා කිරීම කවියාගේ නිපුණත්වයකැයි සිතුනු අතර මෙම විද්වතුන් එය සනාථ කර ඇත. ඔබ සැමට ජාතියේ ප්‍රණාමය හිමිවන අතර මෙය දැන් ලොව පුරා පැතිරෙන බව නොඅනුමානය (නි)
මේ වගේ තරමක් විශාල පරවියන්ට ඉතා ඉහල මතකයක් තිබෙනවා. මගේ ළඟ හිටිො දෙන්නෙක්. මම කතරගම ගිහින් අත අරිනවා අවුරුද්දකට සැරයක්. ඒගොල්ලෝ මොරටුවේ ගෙදර ඇවිල්ලා ඉන්නවා අපි එනකොට. (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
අරාබියේ පරවියන්ගේ තරඟ තිබෙනවා. ජී පී එස් තාක්ෂණය මඟින් පරවියන් අත්හරින තැන සිට ඔවුන්ගේ කූඩුවලට ඇති දුර සොයාගෙන අතහැරිවිට හරියටම කූඩුවට යන වෙලාව බලාගන්නවා. ඒ සඳහා පරවියන්ගේ කරේ කුඩා ඉලෙක්ට්‍රොනික් උපකරණයක් රඳවා තිබෙනවා. පරවියා කූඩුවට ඇතුළුවෙනවිටම කූඩුවේ ඇති අනික් උපකරණයේ වෙලාව සටහන් වෙනවා. ජයග්‍රාහකයින්ට මුදලින් තෑගි ලැබෙනවා. ඔවුන් බෙල්ජියම වගේ රටවල් වලින් තමයි මෙම පරවියන් ගෙන්වන්නේ. (නි)
අළුත් වැඩක්. සුබ පැතුම්! (නි)
බමුණු ආරච්චි, දැනට අවුරුදු 3කට විතර පෙර මටත් බෙල්ජියමේ සිට එවූ පරවියෙක් පැරිසියේදී හමුවුණා. සාමාන්‍ය පරවියන්ට වඩා සුළු වෙනසක් ඇති එයාගේ පාදයක එක්තරා විශේෂිත අංක වගයක් කහ පැහැති " ටැග්" එකක සටහන් කර බැඳ තිබු අතර අනෙක් පාදයේ ඉතාම කුඩා ජී පී එස් සංවේදකයක් සවිකර තිබුනා. අන්තර්ජාලයේ ආධාරයෙන් ඒ පරවියාගේ අයිතිකරු හොයාගෙන ඒ අය සහ කතාබස් කිරීමට මට අවස්ථාව ලැබුනා.මගේ මතය ඒ පරවියා බෙල්ජියමේ සිට ප්‍රංශයට ගොඩබිම හරහා පියඹන්න ඇති බවයි. (නි)
අනගි ක්‍රියාවක් සුබ පැතුම්! (කෞ)