IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පූර්ව දැනුම්දීමකින් තොර වැඩවර්ජනයකට සැරසෙති

පසුගිය අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවය මත අත්හිටවූ නමුත් තම ඉල්ලීම් ඉදිරි සතිය ඇතුළත ඉටු කිරීමට ක්‍රියා නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක් යළි ආරම්භ කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඉල්ලීම් 3 ක් සඳහා විසඳුම් දෙන තෙක් තම වර්ජනය තාවකාලිකව අත්හළ නමුත් අගමැතිවරයා ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම අධ්‍යයනයේ දී එම එකඟතා තම ඉල්ලීම්වලට සම්පූර්ණයෙන්ම පටහැණි බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටී.

ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමේ ඇති එකඟතා ක්‍රියාත්මක කෙරෙන කාල පරාසය සැලකිල්ලට ගැනීමේ දී ඉදිරි සතිය ඇතුළත තම ඉල්ලීම්වලට පරස්පර දේ ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පෙනී යන බවද ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්වේ.



අදහස් (5)

පූර්ව දැනුම්දීමකින් තොර වැඩවර්ජනයකට සැරසෙති

rohan perera Wednesday, 17 May 2017 08:05 AM

ආර්ථික උපාය මාර්ගික තීන්දු ගැනීමට රජයට ජනවරමක් දී තියෙනවා. එය අයුතු ලෙස යොදාගන්නේ නම් ඒ පිලිබදව තීරණ ඊලග ඡන්දයේදී ගැනීමට ජනතාවට ඉඩ දිය යුතුයි. වෘත්තීය සමිති වලට අයිතියක් නැ ඒවා මුල් කරන් කඩාකප්පල වැඩ කරන්න

:       64       0

kumar (galf) Wednesday, 17 May 2017 08:09 AM

මේ රට හදන්න රුසියාවේ පුටීන් ගේ ක්‍රමය පටන්ගන්න, වර්ජන කරලා තමා එදා බණ්ඩාරනායක මහත්තයාට රට කරන්න නොදී රට කාලා දැම්මේ. හැමදාම වර්ජන වලින් රට පස්සට ජනතාව අමාරුවේ.

:       0       0

nishantha Wednesday, 17 May 2017 08:20 AM

මෙවන් අය ගේ දේශපාලන උවමනාකම් නිසා සාමාන්‍ය ජන ජිවිතයට අනිසි බලපෑම් කරන්න ඉඩ නොදී යුධ හමුදා යොදවා හෝ අත්‍යවශය සේවාවක් කර රට වැසියාට සහන සැලසීම රජයේ යුතුකමයි... වඳින්න වඳින්න ගහන මිනිහත් ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයෝයි....

:       0       0

kalum - fernando Thursday, 18 May 2017 07:15 AM

මේවට වගකියන්න ඕනේ පක්‍ෂ දෙක මාරැවෙන් මාරැවට බලයට ගෙනාපු මේ රටේ ජනතාව. කිසිම නිෂ්පාදනයක් නොකර රටේ සම්පත් විදේශයට විකුනගෙන කෑමේ පුරැද්ද නවත්තන්න ඕනේ .ඒකට මේ ගොන් රැල ගාල්කරන්න ඕනේ එදාට රටක් විදිහට ඉදිරියට යයි. නැතිනම් හැමදාමත් දුප්පත් වැසියො තමයි

:       0       0

daminda Thursday, 18 May 2017 08:21 AM

ඛනිජ තෙල් සංස්ථාවේ රස්සාවට එනකොට එන්නේ ජනතාවට අවංකව හොඳ සේවයක් ලබාදෙනවා කියල. නමුත් ආවට පස්සේ රස්සාව මතක නැහැ. රස්සාවල් නැතිව ලංකාවේ ගොඩක් උගත් ශ්‍රමිකයින් ඉන්නවා. ඔබලාගේ රැකියාව කරන්න බැරි නම් බැහැ කියල අස්වෙලා ගෙදර යන්න. අසරණ ජනතාවට ඔබලාත් වදයක් වෙන්න එපා වැඩ කරන්න ඕනෑතරම් ජනතාව රටේ ඉන්නවා. පුරුදු වෙන්න රටට ජනතාවට් බරක් නොවී ගන්න පඩියට වැඩ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 972 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site