පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද (04) විභාගය අරඹා තිබේ.
අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙය විභාග කෙරේ.
පසු ගිය නොවැම්බර් 13 දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබු බවට නිකුත් කළ ගැසට්ටුව අහෝසි කිරීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල පෙත්සම් විභාගයට නියමිතය.
(36698)









(ඡායාරූප චතුර එස් කොඩිකාර )

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.