( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
මේ අතර ඊයේ ඇතිවු යම් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ උපරිමාධිකරණ සංකීර්ණයට අවට පිටස්තර පුද්ගලයින්ට රැදී සිටීම තහනම් කිරීමට ද උපරිමාධිකරණ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
එසේම මෙම ස්ථානයේ වෙනත් මහජන සේවාවන් සඳහා පැමිණෙන පිරිස් තෝරා බේරා යැවිමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවීරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර විභාගය අද (13) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කිරීම හේතුවෙන් මෙලෙස ඒ ආශ්‍රීතව ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන්නේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
(තරිඳු ජයවර්ධන සහ තිළිණි ද සිල්වා )
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් අද උදෑසන10 ට දෙවැනි දිනටත් කැඳවනු ලැබිණි.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් මේ වන විට පෙත්සම් 14ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම පෙත්සම් කැඳවෙනුයේ අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
පෙත්සම් මුලින්ම කැඳවනු ලැබුවේ ඊයේ දිනයේය. ඊයේ සවස 2 සිට සවස 5.20 පමණ වන තෙක් පෙත්සම්පාර්ශ්වයේ කරුණු දැක්වීම් සිදු විය.
නීතිපතිවරයාට කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බව අධිකරණයට පැමිණ සිටි නීතිපතිවරයා ඊයේ දැනුම් දුන්නේය. අද නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ද සිදුකිරීමට නියමිතය.
නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම පෙත්සම්වලින් වග උත්තරකරුවන් කරනු ලැබ සිටිති.
පෙත්සම විභාගය ගැනීමට අවසර දෙන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තෙක් මැතිවරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් දෙවැනි දිනටත් කැඳවයි