IMG-LOGO

‘‘ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න‘‘

(මොහොමඩ්  ආසික්)

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මගින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පැවසීය.

එසේ නොකළ හොත් යළි රට තුළ  බරපතල සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවත් ඊට අමතරව මහ මැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් ඇතිවිය හැකි බවත් ඒ මහතා පැවසීය.

අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ බලධාරීන් පමණක් නොව ජනාධිපතිවරයා පවා එකඟතාව පළ කර තිබුණද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් දක්නට නොලැබෙන බවද ඒ මහතා පැවසීය.  

මෙවැනි තත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ  ජනහමු පැවැත්වීමේදී ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු  සෞඛ්‍ය නිර්දේශ කොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීය.

මේ වනවිට කොරෝනා වසංගතය යළි හිස එසවීමේ අවදානමක් ද මතුව ඇති  අතර  මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

‘‘ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 479 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site