IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ප්‍රභූන් ලෙසින් වංචා කළැයි රත්මලානේ භික්ෂුවක රිමාන්ඩ්

කතරගම කිරි වෙහෙරේ නියෝජ්‍ය විහාරාධිපති ලෙස පෙනීසිටිමින් රැකියා ලබා දෙන බව කියමින් වංචා කිරීමත්, ජනපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිතා කිරීමත් සම්බන්ධයෙන් රත්මලානේ පාලිත නැමැති භික්ෂුවක් හා ඔහුට සහාය දුන් බව කියන ඩී එම් තරංග ද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 21 දක්වා රිමාන් කරනු ලැබූහ. සැකකාර භික්ෂුව ප්‍රභූන් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියා රැසක් කර ඇතැයි ද, ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන 450 පමණ තිබූ බව ද වැලිඔය පොලීසිය අධිකරණයට දැන්වීය.  



අදහස් (0)

ප්‍රභූන් ලෙසින් වංචා කළැයි රත්මලානේ භික්ෂුවක රිමාන්ඩ්

නන්ද හිමි Thursday, 08 November 2012 08:42 PM

වැඩක් නැහැ. නිදහස් වෙලා ආවාම ආයෙත් හොරකම්මයි කරන්නේ. මේ රටේ නීතිය පණ මදි කියන්නේ ඒකයි. (නි)

:       0       0

මනෝහරන් Thursday, 08 November 2012 12:30 PM

අනේ සාධු! අපේ සාධු! (නි)

:       0       0

ගාමිණි Thursday, 08 November 2012 09:39 PM

සෝභිතගේ යාලුවෙක්ද? (නි)

:       0       0

චූලක Thursday, 08 November 2012 12:31 PM

දැන් අපේ රටේ මහණවෙලා ඉන්න භික්‍ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටින අය බුදුරජානන් වහන්සේ ඉගැන්වූ ධර්මයට පටහැනි ක‍්‍රියාවල් ගොඩක් කරනවා. චීවරධාරීන් ලෙස පෙනී සිටින මේ වංචාකාරීන් නිර්මල බුදුදහමටත් නිගා කරමින් ශාසනය කාබාසිනියා කරන වැඩ කරනවා. මෙය වහාම නැවැත්වීම කළයුතුයි. (නි)

:       0       0

නවුෆල් Thursday, 08 November 2012 12:54 PM

ඔය වගේ චීවරධාරීන්ගෙන් සිද්ධ වෙන වංචා ගැන කියන්න වචන නැහැ. (නි)

:       0       0

සෑම් Thursday, 08 November 2012 12:48 PM

පාලිත කියන්නේ ගිහි නමක්නේ? එයා කොහොමද සිවුරක් දාගෙන මගඩි වැඩ කරන්නේ? සංඝයා වහන්සේ විදියට පෙනීසිටිමින්, සංඝයා වහන්සේට අපහාස කරන මෙවැනි පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන්න. (නි)

:       0       0

මධු Thursday, 08 November 2012 01:04 PM

ප්‍රභූන් ලෙසින් නේන්නම් වංචා කරන්නේ? (නි)

:       0       0

තුවාන් Thursday, 08 November 2012 05:26 PM

දැන් ලංකාව නියමයි. බය නැතුව සිවුරක් දාගෙන ඕනම ජරා වැඩක් කරන්න පුළුවන් , දඩුවම් ලිහිල් නිසා (ස)

:       0       0

ඩොන් Thursday, 08 November 2012 10:43 PM

අනේ සාධු... සාධු... සාධු...! ‍කෝ අපේ බොදු බල සේනා? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 08 November 2012 01:18 PM

පාලිත කියන්නේ ගිහි නමක් වගේම හාමුදුරුවරුත් පාවිච්චි කරන නමක්. බුදු දහමට මේක අපහාසයක් නොවෙයි. මේක පුද්ගලයෙක් කරපු දෙයක්. එහෙත් මේ වගේ දේවල් අද සමාජයේ ඉන්න හාමුදුරුවරුන්ගේ පැවැත්මට තියෙන තර්ජනයක්. (නි)

:       0       0

මරික්කාර් Thursday, 08 November 2012 01:08 PM

මොන ප්‍රතිපත්තියක් මතද දඩුවම් දුන්නේ.? රෝමානු නීතිය අනුවද නැතිනම් සිවිල් නීතිය අනුවද? එහෙමත් නැතිනම් සංඝාදිකරණයේද?(නු)

:       0       0

ලාල් Thursday, 08 November 2012 01:42 PM

ලංකාව විනාශ මුකයට

:       0       0

වරුණ Thursday, 08 November 2012 02:23 PM

ශාසනය විනාස කරනවාට දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)

:       0       0

සමන් Thursday, 08 November 2012 02:17 PM

කෝ ඔය බාදු බලෙසනාවෙන් බැයිද මේවත් නවත් නවත්වන්න දැන් ඉතින් කියයි මේවා අන්‍ය ආගමිකයන්ගේ වැඩක් කියලා (නු)

:       0       0

පියල් Thursday, 08 November 2012 07:21 PM

අයියෝ සල්ලි

:       0       0

අමිල Thursday, 08 November 2012 03:45 PM

මේක අන්‍යාගමික වැඩක් .(ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 08 November 2012 08:00 PM

ඔන්න ඕවා නවත්තලා වඳ සෑත්කම් කරන දිහා ගිහින් යමක් කරලා එන්න. (නි)

:       0       0

විමුක්ති Thursday, 08 November 2012 08:19 PM

කරන කැත වැඩ ඔක්කොම කරලා, දැන් මෙතන අනෙක් ආගම් වලට ගරහනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site