IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පරිපාලන නිලධරයෝ හෙට - අනිද්දා ලෙඩ වෙන්න යති

(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හෙටත් (10) අනිද්දාත් (11) දින දෙකේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටින බව එම සංගමය පවසයි.

අනිද්දා (11) කොළඹට රැස්වන එම නිලධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවන බවද සංගමයේ සභාපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට පරිපාලන සේවා නිලධාරීන් 3000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

මේ හේතුවෙන් රටපුරා ප්‍රාදේශිය ලේකම් 334 ක සේවා කටයුතු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදංචි කිරිමේ දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රමුඛ පෙලේ අයතන රැසක සේවාවන් ද අඩපණ වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.

ඡායාරූප වීඩියෝ - ඉෂාන් සංජිව



අදහස් (7)

පරිපාලන නිලධරයෝ හෙට - අනිද්දා ලෙඩ වෙන්න යති

රවින් Monday, 09 September 2019 07:45 AM

හෙට ලෙඩවෙන බව අද දන්නා පරිපාලන නිලධාරියෝ... කොහොමද මේ ගොල්ලෝ පරිපාලනය කරන්නේ? පරිපාලන නිලධාරීන්ට පමණක් බලපාන මහා වසංගතයක් හුළඟට ගසාගෙන එනවැයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරලා තිබුණාද?

:       134       59

රුවින්ද්‍රා නාලිනීMonday, 09 September 2019 09:53 AM

අපි ඔක්කොමලා 1994 න් පස්සේ කට්ටියක් මල්වට්ටිය පූජාකරලත් තව කට්ටියක් කැන්වසින් ගිහිල්ලා තවත් කට්ටියක් ගොට්ට අල්ලලත් තමයි ඉතාම අමාරුවෙන් පත්වීම ගත්තේ. පසුගිය දවසකත් මෙහෙම උද්ඝෝෂණයක් කරලා මාසෙකට 50000ක දීමනාවක් ගත්තා. දැන් කාලේ ලක්ෂයක්, හමාරක් ගත්තට වැඩක් නැහැනේ ජීවන වියදමත් හරි සැරයි. කවුරුත් දන්නවනේ... ඊයෙ පෙරේදා පාන් මිලත් රුපියල් දෙකකින් වැඩිවුණා කියලා. ඉතින් කොහොමද කන්නේ බොන්නේ...?

:       114       4

ක්‍රිශාන්ති Monday, 09 September 2019 09:43 AM

හැන්ද ඇති අය බෙදා ගන්නවා කියන්නේ මේවාට තමයි. හම්බන්තොට හිටපු පරිපාලන සේවා නිලධාරියෙක් වැව් හාරන්න අනුමැතිය දීලා කෝටි ගාණක් හොයාගත්තා. අන්තිමේ එයා ප්‍රධාන රජයේ ceo කෙනෙක් වෙනවා දේශපාලන හස්තයක් මගින්... ඒ මාර්ගයෙන්ම විමර්ශන යට ගහනවා. ප්‍රාදේශීය ලේකම්ලා 95%ක්ම හොරු...

:       55       46

කුමාර කාශ්‍යප Monday, 09 September 2019 11:20 AM

ඡන්දය ලංවෙනකොට ඔක්කොම ලෙඩ වෙනවා.. ඊළඟට දොස්තරලා..

:       23       28

Nimal Monday, 09 September 2019 12:25 PM

කුමාර කාශ්‍යප වෙත, අනේ මහත්තයෝ ඔබතුමා රට පටලවාගෙන... මෙතන දොස්තරලා ගැන ගෑවිලා වත් නැහැ. ඔබතුමාටත් ලෙඩක් හැදුණොත් ඉතින් බෙහෙත් ගන්න වෙන්නේ.. ඔබතුමා ඔය බනින දොස්තරලාගෙන්ම තමයි... හැබැයි ඉතින් ඔබතුමාට සිංගප්පූරු යන්න පුළුවන්නම් කමක් නැහැ.

:       23       5

sampath Monday, 09 September 2019 12:29 PM

මේ රට කාබාසිනියා කලේ නිලධාරීන් මිසක දේශපාලකයන් නෙවෙයි, නමුත් දේශපාලකයින්ගේ පිට ඒවා වැටුණා. මොකද දේශපාලකයින් වසර 5න් මාරු කරගන්න පුළුවන් නිලධාරියෙක් වසර 30ක් 40ක් සාරය උරා බොනවා. කිසිම දේශපාලකයෙකුට චෙක් එකකටවත් අත්සන් ගහන්න බැහැ. නිලධාරීන් තම මේ සියල්ල කරන්නේ දේශපාලකයන් විනාස කරන්නෙත් නිලධාරීන්මයි. මේ හැමෝම කියන්නේ ජනතාව සූරලා තමන්ගේ කුට්ටිය දියව් කියලා රටේ නිදහස් අධ්‍යාපනයෙන් උගන්නලා ඒ ජනතාවම පෙලීම ඉතාමත් අසාධාරණයි.. අපි තවම තුන්වැනි ලෝකයේ දියුණු වෙවී පවතින රටක්.. අපි වගේ රටකට මේ අය ඉල්ලන පඩි, වාහන, කාර්යාල පහසුකම් දෙන්න බෑ.. මේ අයගේ කාමර වායුසමනය කරලා පුටුවක්, මේසයක් පරිගණකයක් ලක්ෂ ගාණක් වෙනවා.. මේ සියල්ල දීලත් සමස්ත ඵලදායිතාව මොකක්ද කියලා ජනතාව දන්නවා...

:       135       82

CHANDIMA Monday, 09 September 2019 02:33 PM

මේ රටට හෙනයක් වෙලා තියෙන අනිත් කට්ටිය. ගසාකනවා මදිවට ලෙඩනිවාඩු දාලා විරෝධයට රැස්වීම් පවත්වන්නත් කල්පනාව. ඔය විරෝධතාවයට සරුවත් දන්සැලක්වත් දුන්නා නම් ජාපාල ටිකක් දාලා, ඇඟට දැනෙන්න ලෙඩ වෙන්න?..

:       132       20

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්





අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ
2025 මැයි මස 06 2553 0

ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 2257 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 829 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1254 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site