(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙකු ගේ බෙල්ලෙන් අල්ලා ගම්පහ පොලිස් අධිකාරි කාර්යාලයතුළදී පෙරේදා (6) පහර දුන් බව කියන එම ප්‍රදේශයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පහරකෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි
මෙම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරිවරයෙකු පත්කර තිබේ.
පහරකෑමට ලක්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව ගම්පහ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි අයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා ගම්පහ පොලිස් අධිකාරි කාර්යාලයේ සිටි අවස්ථාවේ ප්‍රධාන පරීක්ෂකවරයා විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගැහැනියක් සමග කොස්තාපල්වරයා සම්බන්ධයක් පවත්වන බවට චෝදනා කර ඇති අතර එම අවස්ථාවේ බොරු චෝදනා නොකරන ලෙසට කොස්තාපල්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පවසා ඇතැයි කියති.
උඹ කතා කරන්න ඉගෙන ගනිං යැයි පවසා කොස්තාපල්වරයාගේ බෙල්ලෙන් අල්ලා පහර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ඒ අවස්ථාවේ පොලිස් අධිකාරි කාර්යාලයේ සිටි පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු මැදිහත් වී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා මුදා ගෙන ඇති අතර ඒ අවස්ථාවේ නැවතත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයා ට පහර දී ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ප්රධාන පොලිස් පරීක්ෂක කොස්තාපල්ගේ බෙල්ලෙන් අල්ලා පහරදීලා
ravin Tuesday, 07 February 2023 07:00 PM
ෂුවර් එකටම ඔය ලොක්කා කියන කෙනාත් ජනවරමට සම්බන්ධයි
Dayan Tuesday, 07 February 2023 08:31 PM
පොලිසිය කියන්නේ විනයගරුක දෙපාර්තමේන්තුවක්.
fairoos Wednesday, 08 February 2023 12:04 PM
දේශපාලකයන්ගේ හයිය අරගෙන නටන ඔය පොලිස් ලොක්කන්ටත් කවදා හරි දවසක හොඳ කෑමක් හම්බවෙනවාමයි.