ශී‍්‍ර ලංකාවේදී පළමු වැනි වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේ සැහැල්ලූ අසිපත් (කේවල) ඉසව්වේ ශූරයා වීමට ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ ප‍්‍රදීප් දුනුකියනගේ සමත් විය. සිලූටා කඩු සරඹ සමාජයේ ගයාන් බණ්ඩාර බර අසිපත් (කේවල) කේවල ශූරතාවද, යුනිචෙලා කඩු සරඹ පිල නියෝජනය කළ කාංචනා මධුභාෂිණි දෙපිට මුවහත් (කේවල) ඉසව්වේ ශූරතාද දිනාගත්හ. මෙම කඩු සටන් තරගාවලිය පානදුර යුනිචෙලා කම්හල් පරිශ‍්‍රයේදී බ‍්‍රහස්පතින්දා (ඊයේ) ආරම්භ වූ අතර අද (21 වැනිදා) තරගාවලියේ අවසන් දිනයයි. කඩු සටන් කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවට හදුන්වා දෙන ලද්දේ මීට වසර 4 කට පෙරදීය. තරග ප‍්‍රතිඵල සැහැල්ලූ අසිපත් (පිරිමි) ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ ප‍්‍රදීප් දුණුකියනගේ විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ දිලාන් ඉරේෂ් පරාජය කරන ලදි. (15/9) දෙපිට මුවහත් අසිපත් (කාන්තා) යුනිචෙලා කඩු සරඹ සමාජයේ කාංචනා මධුභාෂිණි විසින් තුරුලිය කඩු සරඹ සමාජයේ නදීෂා කරුණාරත්න පරාජය කරන ලදි. (15/9) බර අසිපත් (පිරිමි) සිලූටා කඩු සරඹ සමාජයේ ගයාන් බණ්ඩාර විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ චාමර නුවන් පරාජය කරන ලදි. (15/7)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ප‍්‍රදීප් - ගයාන් - කාංචනා කඩු සටන් ජාතික ශූරතා දිනති