IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


පෑරුණු ගුරු සිත් වෙනුවෙන් සහන පතයි

ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට බැහැරින් ජාතික පාසල් ගුරුවරුන් මාරු කිරීම නිසා බලවත් අසාධාරණයක් වීයැයි කියමින් ගුරු සංගම් දෙකක නියෝජිතයෝ අද (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව ගුරුමාරු මණ්ඩල කැඳවා විධිමත්ව ගුරුවරුන් මාරු කළ යුතු වුවත් පසුගිය වසරේ කිසිදු අවස්ථාවක ගුරු මාරු මණ්ඩල කැඳවා නැති බව ද, එහෙත් 2013 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 20ට හා 10ට වැඩි ගුරුවරුන් කොටසක් පමණක් අවිධිමත් ලෙස මාරු කර ඇති බව ද, මේ නිසා ගුරුවරුන් කොටසකට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් හා ස්වාධීන අධ්‍යාපන සේවකයන්ගේ සංගමයේ ලේකම් ජගත් ආනන්ද ද සිල්වා මහත්වරු පැමිණිල්ලෙන් කියති.

ඇතැම් පාසල්වල අවුරුදු 10ට අඩු ගුරුවරුන් පවා මාරු කර යවා ඇති බවත්, සති කිහිපයක් ඇතුළත ඇතැම් ගුරුවරුන්ට ස්ථාන මාරු 2ක් පමණ ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ දැක්වේ.

අවිධිමත්ව සිදු කළ ගුරුමාරු වහා අවලංගු කර, ගුරු මාරු මණ්ඩල කැඳවා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව මාරුවීම් සිදු කරණ ලෙස ද ගුරුසංගම් ඉල්ලයි.



අදහස් (0)

පෑරුණු ගුරු සිත් වෙනුවෙන් සහන පතයි

නිසාම් Monday, 21 January 2013 04:01 PM

ඔන්න තවත් ලෙඩක් එන්නයි හදන්නේ (ස)

:       0       0

ඉසුර Monday, 21 January 2013 04:33 PM

කරන දෙයක් ඇයි නීතියට අනුව කරන්න බැරි (දී)

:       0       0

ලලිත් - කටාර් Monday, 21 January 2013 04:52 PM

අනවශ්‍ය කරදර ඇතිකරන්න නරකයි. අපේ රටේ පරිපාලනය බලවත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site