IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්න

(යොහාන් භාසුර)

මෙරට ව්‍යාපාර ආරක්‍ෂාකරගැනීමේ පියවරක් ලෙස මාස තුනකට අත්හිටුවූ ‘පරාටේ’ නීතිය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලගැන්වෙන බවත් ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට එම නීතිය අවම වශයෙන් තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී සුසන්ත ලියනාරච්චි මහතා එසේ පැවසීය.

‘පරාටේ’ නීතිය නැවත සක්‍රීයවූ වාහාම ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස පවරාගැනීමට ඇතැම් බැංකු සූදානමින් සිටින බවත් එම තත්වය වළක්වා ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කිරීමෙන් මෙරට ආර්ථිකය ආරක්‍ෂා කිරීමට රජය වාහාම මැදදිහත් විය යුතු බවත් ඒ මමහතා කීය. මෙරට 2018 වන විටලියාපදිංචි කර්මාන්තකරුවන් 130,300 සිටියත් ආර්ථිකය කඩාවැටීමත් සමඟ කර්මාන්ත කඩා වැටීමෙන් 2022 වසර වන විට පැවැති කර්මාන්ත 1017,000 න් එම අගෝස්තු මස වන විට කර්මාන්ත 263,000 ක් සම්පූර්ණයෙන්ම වසාදමා තිබූ බවත් ඉන් පසුව එම ව්‍යාපාරවල දේපළ පවරාගැනීමට බැංකු කටයුතු කළ බවත් ඒ මහතා කීය.

ව්‍යාපාර වැටීමට හේතුව ව්‍යාපාරිකයන්ගේ දුර්වලතාවක් නොවන බවත් රටේ ආර්ථිකය කඩාවැටීම ව්‍යාපාර කඩාවැටීම හේතුව වීම නිසා බැංකුවලට දේපළ පවරාගැනීමට මාර්ග පාදාඇති ‘පරාටේ’ නීතිය තාවකාලිකව අත්හිටුවා පනත ව්‍යාපාරිකයන්ට නැගිටීමට කාලය දියයුතු බව කී ඒ මහතා බැංකු අනීතික ලෙස දේපළ පවරාගැනීමට පැමිණිය හොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.

‘පරාටේ’ පනත මෙරට රාජ්‍ය බැංකු ආරක්‍ෂා කරගැනීමට සම්මත කළ නීතියක් වුවද එම නීතිය මේ වන විට පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතනවලට ද ආදේශ කර ඇති බවත් එම බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල ගන්නා තීරණයකින් රටේ ආර්ථිකයේ දැවැන්ත කොටස්කරුවන් වන ව්‍යාපාරිකයන්ගේ දෙපළ පවරා ගැනීමට නිර්දේශ කිරීම අසාධාරණ බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ සඳහන් කළහ.

ඇතැම් බැංකු මේ වන විටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වරගෙන ඇති බවත් එසේ වුවහොත් ව්‍යාපාරිකයන්ට මහ මගට බැසීමට සිදුවන බව ද එම මණ්ඩලයේ සාමාජිකයෝ කියති.

 



අදහස් (0)

පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site