IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ප්‍රෙට්ල් ෂෙඩ්වලට විශේෂ ආරක්ෂාවක්

(ඉන්දිකා රාමනායක)

රට තුළ පවතින  ඉන්ධන හිඟය  හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල  මහජනයා  ඒකරාශිවීමෙන් ඇති වන  කළහාකාරී  සිදුවීම් වක්වා ගැනීම  සදහා   ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත  ක්‍රමයක්  ක්‍රියාත්මක කළ යුතු  බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ඉකුත් (28)  විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ගොවි අවශ්‍යතා,   කෘෂිකර්මාන්ත    සදහා යොදා ගන්නා   උපකරණ වලට  අවශ්‍ය     ඉන්ධන ලබා ගැනීම සදහා   බූලි රැගෙන  ජනතාව වෙත  බාධාවකින් තොරව  ඉන්ධන ලබා ගැනීම සදහාත්,  සංචාරක ක්ෂෙත්‍රයට අදාලව සංචාරකයන් ප්‍රවාහන කරන රථ   වාහන  සහ    අත්‍යාවශ්‍ය සේවාවන් වල  ගිලන්රථ,   ගිනි නිවීමේ රථ,   වෙනත් රෝගී ප්‍රවාහනය කරන රථ,   රථ  වලට   ප්‍රමුඛතාව ලබා දී   දීම සදහා අවශ්‍ය පියවර ගතයුතු බවද  පොලිස්පතිවරයා  සිය චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

ඉන්ධන ලබා ගැනීම සදහා   වාහන පෝලිම්    පවතින අවස්ථාවල  තදබදය අවම කිරීම සදහා සහ    කළහාකාරි   සිදුවීම් වලක්වා ගැනීම සදහා    ඉන්ධනහල් අසලට   පොලිස් නිලධාරීන් යොදවා යෙදවිය යුතු බවටද  එම නිවේදනයේ  සදහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.

සෑම පොලිස්බල ප්‍රදේශයකම සාමය ආරක්ෂා කිරීමට සදහා රාජ්‍ය නිවේදිත  නිලධාරීන් සුදුසු පියවර ගත යුතු බවට ද   පොලිස්පතිරයාගේ   නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (10)

ප්‍රෙට්ල් ෂෙඩ්වලට විශේෂ ආරක්ෂාවක්

Kumara Tuesday, 01 March 2022 08:48 PM

දැන් කොරෝනා නැද්ද? 

:       3       24

sudesh Tuesday, 01 March 2022 09:14 PM

ඔතන කියන අවශ්‍යතාවලට අමතරව කවුරු හරි වෙන අවශ්‍යතාවලටත් ෂෙඩ්වලට එනවද?

:       0       7

WICKY Tuesday, 01 March 2022 09:40 PM

අනේ රටකට ගිය කලක්...!

:       0       1

සිරි Tuesday, 01 March 2022 10:03 PM

(බොහෝ කාලෙකට පෙර) හොඳට තිබුණු රටක්, (අනුවණකම නිසා) අපි වැටිච්ච තැනක්...!

:       0       1

Bandara Wednesday, 02 March 2022 01:52 AM

සර්ට අපේ ආචාරය...!!! 

:       0       2

nihal Wednesday, 02 March 2022 09:55 AM

හලෝ කඩිනමින් තෙල් ගෙනත් දෙන්න කියලා බැසියට කිව්වා නම් මීට හොඳ නැද්ද? මහජනතාවටම කෙළින්න හදන්නේ නැතිව...!

:       0       4

sharm warn Wednesday, 02 March 2022 10:18 AM

අනේ මේ මහත්වරු... මහ එවුන්ගේ ඕනෑකමට කියන කියන දේවල් වමාරලා ... පෙත්තප්පුලා වෙලා. තමන්ගේ ආත්ම ගෞරවයත් නැතිකර ගන්නවා. ෂෙඩ්වලට ආරක්ෂාව දෙනවා කියන්නේ මහ දෙයක්ද?

:       0       3

මසිරිපාල Wednesday, 02 March 2022 11:06 AM

පොලිස් ලොක්කන් තමුන්ලා ෂෙඩ්වලට ආරක්ෂාව දෙනකොට කසිප්පු කාරයින්, හොරුන්, කුඩු කාරයින් සහ මංකොල්ලකාරයින් රජවෙලා ඉවරයි. ඒවාටත් විසඳුම් දෙන්න බලන්න...

:       0       5

Asanka Wednesday, 02 March 2022 11:50 AM

වහාම රටේ ජනතාව මේ අයට විරුද්ධව මහපාරට බහින්න ඕන.

:       0       1

fairoos Wednesday, 02 March 2022 12:34 PM

දැන්නම් ලංකාවේ ගන්න දෙයක් නැහැ. මෙයාලා රට කනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site