IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ප්‍රජාතන්ත්‍රවාදී යෞවන සමාජ නිලවරණ පැවැත්වුවා

(යොහාන් භාසුර)

දිස්ත්‍රික් යෞවන සමාජ බලමණ්ඩලවලට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට රහස් ඡන්ද පවත්වා තරුණ තරුණියන් පත්කිරීමට කටයුතු කළ බවත් වැලේවැල් නැති විපක්‍ෂය ඒ පිළිබඳව වෙනත් මතයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (4) පැවසීය.

යෞවන සමාජ බලමණ්ඩලට නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එසේ පැවසීය.

ඕනෑම ආයතනය සාමාජිකයන්ගේ බහුතර කැමැත්තෙන් නිලධාරීන් තෝරාපත්ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවත් එහිදී පරාජයට පත්වන අය  පරාජය පිළිගෙන ජය ලැබූ අය සමඟ එකතුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.  

ආණ්ඩුව යෞවන සමාජ බලමණ්ඩල පිහිටුවීමට කරගෙන යන වැඩපිළිවෙළට විරෝධය දක්වන අය එක එක දේශපාලන පක්‍ෂවලින් ඡන්දය ඉල්ලපු අය බවත් යෞවන සමාජ දේශපාලනීකරණ කිරීමට ආණ්ඩුවේ කිසිඳු සූදානමක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ වැඩපිළිවෙළ යටතේ මෙරට තාරුණ්‍යයට ජාතික තරුණ සේවා සභාවේ ඇත්ත හිමිකාරිත්වය දීමේ අවශ්‍යතාවක් ඇති බවත් වර්තමාන ආණ්ඩුව පත්වූ මොහොතේ සිට ජාතික තරුණ සේවා සභාව ඇතුළු අනිකුත් ආයතන තරුණයන්ට අයිති ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජාතික තරුණ සේවා සභාවේ මහජන මුදල්වලින් දේශපාලඥයන් සහ ඉතාම සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් කළ දුෂණ සහ වංචා ‘කෝප් සහ විගණන වාර්තා හරහා දැවැන්ත ප්‍රමාණයක් හෙළිවී ඇති බවත් ආණ්ඩුවට ලැබුණු ජනවරමට අනුව එම දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීම සහ නීත්‍යානුකූල පියවර ගැනීම ඉදිරියට කරගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.  

වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව රටේ නායකයාගේ දුවලාගේ සහ පුතාලාගේ හෝ ඇමතිවරයාගේ පුද්ගලික දේවල් ක්‍රියාත්මක නොවන බවත් ජාතික තරුණ සේවා සභාව පැහැදිළි ලෙසම දේශපාලනීකරණයට ලක්ව තිබූ බවත් ඔහු පැවසීය.

ජාතික තරුණ සේවා සභාව පිළිබඳව මීට වසර කීපයකට පෙර හොඳ ප්‍රවෘත්ති අහන්න නොලැබුණු බවත් දූෂණ, වංචා සහ දේශපාලන නායකයන්ගේ දුවලා පුතාලා ඔසවා තබන වැඩසටහන් දකින්න ලැබුණු බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (6)

ප්‍රජාතන්ත්‍රවාදී යෞවන සමාජ නිලවරණ පැවැත්වුවා

Md Monday, 04 August 2025 10:42 PM

රෙද්ද තමා මනුස්සයෝ

:       0       2

මාලිමා ගැත්තා Monday, 04 August 2025 11:40 PM

මාලිමා අන්තවාදයේ පට්ට ප්‍රජාතන්ත්‍රවාදය තමයි රහස් ඡන්ද නොහොත් හොර ඡන්ද.

:       0       2

යෝගා Tuesday, 05 August 2025 06:35 AM

ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගන්න වෙන්නැති ඇමතිලා මන්ත්‍රීලා සම්මේලන වලට රිංගලා බලපෑම් කලේ. පත්වෙච්ච හැමෝම දේශපාලකයන්ගේ ලමයි, නෑයෝ.

:       0       4

මැක්ස් Tuesday, 05 August 2025 07:43 AM

අපි හිතුවෙ හේවගේ, හඳුන්නෙත්ති, බිමල්, ලක්මාලි, අරුණ ජයසේකර, නාමල් කරුණාරත්න, ජගත් මණුවර්ණ, ලාල් කාන්ත වගේ කීප දෙනෙක් විතරයි මේ ආංඩුවෙ ඉන්න විහිලුකාරයො කියලා. බලං ගියාම එරංග ගුණසේකර උන්නැහෙත් ඒ ගොඩේම තමයි.

:       0       4

අන්_ර Tuesday, 05 August 2025 08:13 AM

අම්මෝ, අර පොඩි උන් ටික අපේ පාපිසි වලට හූ කියපු හැටි දැක්කම ඇඟ හිරි වැටුණා. හිරිය ඇරගන්න යන්න ඕනෙ අරෙහෙ.

:       0       4

ටිල්වින් සීයා Tuesday, 05 August 2025 08:18 AM

ප්‍රාදේශීය සභා ටික ගොඩදාලා දෙන්න කියලා බූරුවෙකුට පැවරුවා.ඒකා නාටක පෙන්නන්න ගිහින් ඒක කාගත්තා. දැන් මේ වැඩේ අටපාස් මොට්ටයෙකුට බාර දීලා නාගන්න වෙන තත්ත්වයක් පේන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site