IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පරීක්ෂණය කොයිදැයි ගුරු සංගමය විභාග කමිසුරුගෙන් අහයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කළින් පිටවීදැයි සෙවීමට පත් කළ කමිටුව අනාවරණය කරගත් කරුණු ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත්, විභාගය අවසන්වීමට පෙර විමර්ශන අවසන් කරන බවට විභාග කොමසාරිස්වරයා පැවසුවත් ඊයේ (20) විභාගය අවසන් වන තුරු ඒ ගැන කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතාකියනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සියල්ල බාර දී සිටීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි බවයි. විභාග පනත අනුව ප්‍රශ්න පත්‍ර පිටවීයැයි චෝදනා එල්ල වුවහොත් ඒ ගැන මූලික විමර්ශනයක් පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවට පැවරෙන බවත්, වංචාවක් සිදුව ඇතිදැයි යන්න එම දෙපාර්තමේන්තු සොයා බලා තීරණයක් ගත යුතු බවත්, ඒ අනුව වංචාව සිදු කළ ආකාරය ගැන සොයා බැලීමට හා අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බාර දිය හැකි බවත් ස්ටාලින් මහතා පැවසීය. ආතර් වෙදමුල්ල මහතා විභාග කොමසාරිස්වරයාව සිටින කාලයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවීයැයි ලැබුණු තොරතුරක් අනුව විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ගත ගත් බව පැවසූ ස්ටාලින් මහතා නීතිය ක්‍රියාත්මක නොවූ අවස්ථාද මෑත ඉතිහාසයේ තිබෙන බැවින් මේ අවස්ථාවේ හෝ හරි හැටි එය කළ යුතු බව ද පැවසීය. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ බහුවර්ණ ප්‍රශ්න 18ක් ඒ අයුරින්ම ටියුෂන් ගුරුවරයා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයේ ඇතුවා පමණක් නොව එයින් ප්‍රශ්න 15 ක පමණ නිවැරදි පිළිතුර තේරීමට ලබා දුන් වරණ හතර ද සමාන බවත්, ප්‍රශ්නයකට අදාළ නිවැරදි පිළිතුර හා වැරදි පිළිතුරු තුන සමාන වන පරිදි කිසිසේත් අනුමානයෙන් ඒ ආකාරයටම සැපැයිය නොහැකි බවත් ජෝසප් ස්ටාලින් මහතා කීය. 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් කඩඉම් අගය ගැන මතුවූ ගැටලුවේදී හිටපු විභාග කොමසාරිස්, අධ්‍යාපන ඇමති ඇතුළු බලධාරීන් පුණ පුනා කීවේ ගැටලුවක් නැති බව ද, දෙපාර්තමේන්තුවෙන් සහනයක් නොවූ තැන සිසුන්ගේ සාධාරණය පතා ලංකා ගුරු සංගමය අධිකරණයේ පිහිට පැතූ බව ද, ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය ඉටු වූ බව ද ස්ටාලින් මහතා පැවසීය. ඔහු පැවසුවේ පරීක්ෂණවල අරමුණ විය යුත්තේ වැරදිකළ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීම හා සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම බවයි. සාමාන්‍ය පෙළගණිතය ප්‍රශ්න පත්‍රයේ ද ප්‍රශ්න කිහිපයක් කිලින් පිටවී ඇති බවට සැකයක් පවතින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ. ඒ ගැන විභාග දෙපාර්තමේන්තු සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බවට ඒ හිමියෝ කීය. විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුව ගැන විසමීමට හා දෝෂ සහගත රූපසටහනක් ප්‍රශ්න පත්‍රයේ පළ කර තිබීම ගැන ගන්නා ක්‍රියාමාර්ග විමසීමට විභාග කොමසාරිස් ජනරාජ් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීසට කිහිප වරක් උත්සාහ කළත් එය අසාර්ථක විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ විද්‍යා ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන පරීක්ෂණ තවම අවසන් නැති බවයි. සබැඳි පුවත් විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා? ප්‍රශ්න 18ක් සමානයි ටියුෂන් ගුරුගෙන් ප්‍රශ්න කරයි



අදහස් (0)

පරීක්ෂණය කොයිදැයි ගුරු සංගමය විභාග කමිසුරුගෙන් අහයි

විමුක්ති Thursday, 20 December 2012 06:52 PM

දැන් හුගක් අයට අධ්‍යාපනයේ වටිනාකමක් නැති පාටයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 20 December 2012 06:58 PM

ලංකාවේ පොලිසියේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට සොයාගන්න බැරි අපරාධ පිටුපස දේශපාලනය ගෑවී ති‍බෙන බවයි මගේ අදහස. (නි)

:       0       0

ජෙරී Thursday, 20 December 2012 06:55 PM

රටේ අධ්‍යාපනය ගැන අපිට හරිම දුකයි. (නි)

:       0       0

තිලක් Thursday, 20 December 2012 06:57 PM

අපිටත් අහන්න තියෙන්නේ ඒකම තමයි (දී)

:       0       0

බණ්ඩාර Thursday, 20 December 2012 07:02 PM

රටේ අනාගත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

කිර්ති Thursday, 20 December 2012 06:59 PM

පරීක්ෂණ පවත්වනකොට එහි විනිවිද බවක් තියෙන්න ඕනේ (දී)

:       0       0

බණ්ඩාර Thursday, 20 December 2012 07:32 PM

මෙවන් අක්‍රමිකතා නැවත සිද්ද නොවේවා (දී)

:       0       0

විමුක්ති Thursday, 20 December 2012 07:33 PM

මගේ දරුවාවත් සරසවියට යවන්න මට තිබුණා ලොකු හීනයක්. ඒත් දැන් රට යන අත බැලුවහම ඒකත් ලොකු හීනයක්ම තමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 21 December 2012 10:31 AM

"අසන්ක 2012-12-20 23:55:30 දක්ෂ ගුරුවරයෙකුට මෙවන් වූ දෙයක් කළ හැකියි. ප්‍රශ්න පත්‍ර පිටවූ බව අපට නම් පිළිගත නොහැකියි." එක කාරණයක් විතරක් පැහැදිලි කරන්න. ඇයි අර ප්‍රශ්න පත්තරේ සමාන වුණ ප්‍රශ්න 18ට විතරක් සිනා මුහුණක ලකුණක් දාලා තිබ්බේ? (නි)

:       0       0

බණ්ඩා Friday, 21 December 2012 10:33 AM

"උපුල් 2012-12-21 07:19:23 පරණ දේවල් ගැන කතානොකර හෙට රට ගැන හිතුවොත් නරකද?" හෙට රට යන අත ගැන තමයි මේ කතාවත්. ඇයි ඔයාගේ හිත රිදෙන දෙයක් කියවුණාද? (නි)

:       0       0

මොහොමඩ් Thursday, 20 December 2012 03:37 PM

වැස්සට හා ගං වතුරට සේදී ගියා (ස)

:       0       0

සදුන් Thursday, 20 December 2012 09:21 PM

පැහැදිලි වංචාවක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 20 December 2012 10:12 PM

කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ඒත් කියන්න හිතෙන්නෙ නැහැ. (නි)

:       0       0

ගයාන් Friday, 21 December 2012 12:19 PM

ප්‍රශ්න පත්‍රය හීනෙන් පෙනුනාවද්ද? (නි)

:       0       0

තුෂාර Thursday, 20 December 2012 04:34 PM

අයියෝ, ලංකාවේ සම්පත් ? (නි)

:       0       0

වීරසේකරගේ එම්.තේ Thursday, 20 December 2012 04:43 PM

ස්ටර්ලින් මහත්තයා මෙයාලාගෙන් ඕව අහලා වැඩක් නැහැ..!(නු)

:       0       0

අසන්ක Thursday, 20 December 2012 11:55 PM

දක්ෂ ගුරුවරයෙකුට මෙවන් වූ දෙයක් කළ හැකියි. ප්‍රශ්න පත්‍ර පිටවූ බව අපට නම් පිළිගත නොහැකියි. (නි)

:       0       0

විමුක්ති Friday, 21 December 2012 01:11 PM

පරීක්ෂණවල අරමුණ විය යුත්තේ වැරදිකළ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීම හා සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම .රටේ අධ්‍යාපනයත් දැන් ඉවරයි (ස)

:       0       0

ජෙරී Friday, 21 December 2012 01:16 PM

මෙවැනි රටක ඉපදුණු අපේ දරුවන් කොතරම් අවාසනාවන්තද කියලා හිතෙනවා මට. (නි)

:       0       0

රවී Thursday, 20 December 2012 05:54 PM

මේසැරෙත් ඇදගෙනම නායිවගේ..!(නු)

:       0       0

නිලංග Friday, 21 December 2012 07:03 AM

ඉන්දියානු සාගරයේ මුතු ඇටය ගැන මට ඉතාම කණගාටුයි. (නි)

:       0       0

උපුල් Friday, 21 December 2012 07:19 AM

පරණ දේවල් ගැන කතානොකර හෙට රට ගැන හිතුවොත් නරකද? (නි)

:       0       0

ඉෂාර Friday, 21 December 2012 07:36 AM

රටේ අනාගත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site