(අමල් වික්‍රමරත්න)
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අවසන්වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු 06 කින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් 01 අයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිසිය පවසයි.
මහියංගනය,වඩුකොඩේ,ඇල්පිටිය ,හුංගම,ගනේමුල්ල සහ පැල්මඩුල්ල යන පොලිස්වසම් වලින් මෙම රිය අනතුරු වාර්තාවි ඇත.
මෙම අනතුරුවලින් මහියංගනයේ 53 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්,යාපනයේ වඩුක්කොඩේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් 25 හැවිරිදි තරුණයකු, ඇල්පිටිය යක්කටුව මාපලගම මාර්ගයේ සිදු වූ අනතුරකින් අවුරුදු 17 තරුණයකු, මාතර තිස්සමහාරාම මාර්ගයේදී පාරමාරුවීමට ගිය 84 හැවිරිදි පදිකයෙක්,ගනේමුල්ල කොස්හින්න මාර්ගයේ විහාරස්ථානයක් අසලදී වේගය පාලනය කරගත නොහැකිව බස්රථයක ගැටී අනතුරට පත් යතුරු පැදියක ගමන්ගත් වයස අවුරුදු 18 ක තරුණයන් දෙදෙනෙක්, කොළඹ - මඩකලපුව මහාමාර්ගයේ පාතකඩ ප්‍රදේශයේදී මෝටර්රථයේ වේගය පාලනය කරගත නොහැකිව පෙරලීමෙන් 24 වියැති ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මියගොස් ඇත.
අනතුරු සියල්ලටම අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැය 24 ට හදිසි අනතුරු මරණ 7 යි
ඩී. ජයදේව Monday, 25 December 2017 05:45 AM
පොඩි මිනිස්සු තැලෙනවා කියලා දඩ වැඩි කරන්න දෙන්නේ නෑ. දැන් මේ තැලිලා පොඩි වෙලා තියෙන්නේ ලොකු මිනිස්සු ද?
Sathyayaa Tuesday, 26 December 2017 01:20 AM
අප විසින් මේ තීරුවේ කිහිප වතාවක් ශ්‍රී ලංකාවේ අනතුරු හා ඒ හා සම්බන්ධ මරණ සංඛ්‍යාව පිලිබඳ අදහස් දැක්වුවා. දිනෙන් දින අනතුරු වැඩිවීම රටේ පාලකයින්ටත්, බලධාරීන්ටත් සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබෙන්නේ අනෙක් ප්‍රශ්නවලටත් විසඳුමක් නැතුවා සේම මේ සංසිද්ධියටත් විසඳුමක් නොදන්නා බව සනිටුහන් කරන්නයි. පසු ගිය ආණ්ඩුව මංමාවත් වල ගුණාත්මක භාවය වැඩි කලේ එයින් ලැබෙන ලාභය පවුලේ සාමාජිකයින් අතර බෙදා ගන්න මිස, ඒ මාවත් වල වාහන පදවා ගෙන යන යට නිසි දැනුම හා පුහුණුව දෙන්න නොවෙයි.