හෝමාගම අතුරුගිරිය මාර්ගයේ අකරවිට පටුමගේ මීටර් 50 ක පමණ කොටසක් අඟහරුවාදා රාත්‍රියේ පැය 3 ක් පමණ හිටිගමන් කාපට් කිරීම ගැන ප්‍රදේශවාසීන් විමතිය පළ කරති. වසර 10 ක් තිස්සේම අලුත් වැඩියා නොකළ මේ පාරේ එම කොටස පමණක් පිළිසකර කර ඇත්තේ රජයේ ප්‍රධාන ඇමතිවරයකුගේ ඕනෑකමට යයි ඔවුහු කියති.
මේ ගැන විමසූ විට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් පැවසූයේ මේ ගැන නොලියා සිටින ලෙස ඉල්ලීමක් කරන බවයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය තුනෙන් පාරක කෑල්ලකට කාපට්
පෙරේරා Thursday, 11 December 2014 06:08 PM
සාමන්යෙන් ඔය වගේ "කාපට්" බොහොම ඉක්මනට "පැදුරු" වෙනවා.(හේ)
නිමල් Thursday, 11 December 2014 08:04 AM
දැන් ඔක්කොම බයවෙලා ඉන්නේ (නි)
බුද්ධිමාලි Thursday, 11 December 2014 06:27 PM
අර ඇමතිතුමාගේ නැන්දනියගේ මල ගෙදර නිසා (නදී)
නිරුප Thursday, 11 December 2014 08:07 AM
හැමදාම නත්තල් නැහැ. ඉක්මන් කරලා කරගන්න දෙයක් කරගන්න (නි)
සිරී Thursday, 11 December 2014 08:09 AM
ඊයෙ රෑ ගිය පාරක අද උදේ එද්දි පාර වහලා කාපට් දාලා. ආස්චර්‍ය ආස්චර්‍ය (නදී)
සෝබනා Thursday, 11 December 2014 08:18 AM
දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙලට දුර වන කිලෝ මීටර් 11 ක් හැදීමට වියදම් වූ මුදල රුපියල් බිලියන 24 කි. එනම් කෝටි 2400 කි. ඒ අනුව එක් කිලෝමීටරයකට වියදම් වී ඇති මුදල කෝටි 218 කි. ඉන් පසුව ගොඩ නගන කඩුවෙල සිට කඩවතට දුර වන්නේ කිලෝ මීටර් 8.9 කි. ඊට වියදම් කරන මුදල වන්නේ රුපියල් බිලියන 45 කි. එනම් කෝටි 4500 කි. ඒ අනුව එහි එක් කිලෝ මීටරයක වියදම රු.කෝටි 506 කි. එක්වරම පළමු කී කොටස හැදූ ගානට දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. මීලඟට කෙරවලපිටියේ සිට කඩවත දක්වා පාර හැදිල්ල ගනිමු. එහි දුර කිලෝ මීටර් 9.2 කි. එය හැදීමට යන වියදම ලෙස පළමුවෙන් වෙන් කරන ලද මුදල රු.බිලියන 67 කි. ඡන්දයත් සමග එම වියදම මදිය කියා තවත් ඇස්තමේන්තුවක් දමා තවත් රු.බිලියන 12 ක් අනුමත කරවා ගත්තේය. ඒ අනුව සම්පූර්ණ මුදල රු බිලියන 79 කි. එනම් රු. කෝටි 7900 කි. ඒ අනුව එක් කිලෝ මීටරයක වියදම රු. කෝටි 859 ක් පමණ වේ. මෙය කොට්ටාව සහ කඩුවෙල අතර පළමු දුර හැදුවා මෙන් 4 ගුණයක පමණ වැඩි වීමකි. පළමු කොටසත් ගැහිලි සහිත වුවත් එය නොතකා හැර ගත්තද පළමු කොටසට වඩා රු. කෝටි 8500 ක මහා පරිමාණ ගැහිල්ලකි. මෙය නම් මහ දවල් වංචාවකි. (නදී)
නිමල් Thursday, 11 December 2014 08:26 AM
ඔය වගේ පාරවල් ගොඩක් තියෙනවා හෝමාගම ප්‍රාදේශීය සභාවට අයිති. දියගම දීපංගොඩ පාර අවුරුදු දහයකින් විතර තාර දාලා නැහැ.කොට්ටාව හොරණ පාරේ කිසිම නඩත්තුවක් කරලා නැහැ (නි)
යසංග Thursday, 11 December 2014 08:27 AM
ඉතින් කොච්චර හොඳද? (නි)
දීපාල් Thursday, 11 December 2014 01:21 PM
පැය තුනෙන් හරි දෙකෙන් හරි උනානේ (නදී)
බමුණු Thursday, 11 December 2014 08:28 AM
හා හා වැස්සෙන් පස්සේ ප්‍රමිතිය ගැන කතා කොරමු හොඳේ (නදී)
සෑම් Thursday, 11 December 2014 08:30 AM
මගුල් ගෙවල් වලට පාරවල් කාපට් කලේ ඉස්සර. දැන් මල ගෙවල් වලටත් පාරවල් කාපට් කරනවා. (බ)
ලලිත් Thursday, 11 December 2014 08:31 AM
ඔන්න ඔහොමයි අපේ ඡන්ද කාලේ අාශ්චර්යය (බ)
මෝහම්මෙඩ් ඛාන් Thursday, 11 December 2014 01:37 PM
කොහොමහරි පාරට කාපට් වැටුනනේ. ඒක ලොකු දෙයක්. හැමදේම වැරදියට දකින්න එපා. (ර)
දිලාන් Thursday, 11 December 2014 08:59 AM
කවුරු හරි ඔය පාරෙන් ඡන්දෙ ඉල්ලන්න හෙට අනිද්දට එන්න නියමිතව ඇති. (ර)
චන්ද්‍රා Thursday, 11 December 2014 02:09 PM
නිසි බලධාරියාට අමතකවෙලා තිබිලා අවසන් මොහොතේ හරි ඉටුකර දීම ගැන සතුටුවිය යුතුය. හැමෝටම මෙහෙම කරන්න පුලුවන් නම් කෙතරම් අගේද? ජයවේවා! (නි)
සේන Thursday, 11 December 2014 02:22 PM
අපි නම් ඉතින් කියන්නේ ඕවාට ඡන්ද ගුණ්ඩු කියලා. (නි)
සයිමන් Thursday, 11 December 2014 09:19 AM
ඕවාට අල්ලස් කියන්නේ - ජනතාව රැවටෙන්නේ නැහැ.(හේ)
සමන්ති Friday, 12 December 2014 01:27 AM
මුදල් වර්ෂය මෙම මස අවසාන වන බැවින්ද,මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මීටර 50 ක දුරකට බැවින්ද, වෙනත් හදිසි අත්‍යාවශ්‍ය හේතු ඇති බැවින්ද මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් පැනනොනඟී. (නි)
ඉන්දික Thursday, 11 December 2014 10:18 AM
පැය තුනෙන් කෙරුණා නම් හෙට වෙනකොට පාර අයේ තිබ්බා වගේම තියෙයි.(හේ)