IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පෝයට ඉරිදට ටියුෂන් එපා : සඟරුවන උපවාසයේ

පොහෝය දිනයන්හි සහ ඉරිදා දිනයේ උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා බිම් පොකුණ රාජ මහා විහාරාධිපති පොතානේගම ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා පහළොස් නමක් අද (05) ගල්ගමුව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී උපවාසයක් ඇරැඹූහ.

පෝය දින හා ඉරිදා දින ගල්ගමුව නගරයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ආයාතන 13ක් ලබන වර්ෂය සදහා නව පන්ති ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් එයින් බෞද්ධ දරුවන්ට ශාසනික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලකීමට සිදු වන බවත් එය වැලැක්වීමට මෙම උපවාසය ආරම්භ කර ඇතැයි පොතානේගම ආනන්ද හිමියෝ පවසති.

Galgamuwa-sanjeewa-(5)-(1) Galgamuwa-sanjeewa-(5) Galgamuwa-sanjeewa-(14)

20141205_132309



අදහස් (0)

පෝයට ඉරිදට ටියුෂන් එපා : සඟරුවන උපවාසයේ

කුමාර Friday, 05 December 2014 08:22 AM

හොද ක්‍රියාමාර්ගයක්.(හේ)

:       0       0

සුගතපාල Friday, 05 December 2014 08:53 AM

හාමුදුරුවනේ ඔය ගමන්ම අධ්‍යාපනේට 6%ක් වෙන් කරන්නත් කියන්න.ඉරිද ටියුෂන් ඉබේම නවතීවි. (බ)

:       0       0

ලුම්බිණි Friday, 05 December 2014 09:11 AM

හාමුදුරුවරු පොහෝය දිනයන්හි උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා සිටින එකේ තේරුමක් තිබුනත් මොකද ඉරිදා එපා කියන්නේ? (බ)

:       0       0

කමල් Friday, 05 December 2014 04:44 PM

අපේ හාමුදුරුවනේ ගව ගාතනයට කැසිනොවලට විරුද්දව උපවාස කරොත් හොදයි නේද (දී)

:       0       0

සම්පත් Friday, 05 December 2014 09:32 AM

ලුම්බිණි ඔයා දන්නේ නැද්ද ඉරිදා උදේට දහම් පාසල් කියලා ජාතියක් තියෙනවනේ.(දිල්)

:       0       0

හර්ෂණ Friday, 05 December 2014 09:51 AM

මේක හොද වැඩක් ඉරිදා දහම්පාසල් බව පන්ති කරන අය දන්නේ නැද්ද?(දිල්)

:       0       0

සමරේ(ගාල්ල) Friday, 05 December 2014 09:56 AM

ලුම්බිණි ..ඉරිදට දහම් පාසල් පවත්වන දවසනේ (දිල්)

:       0       0

සමන්ති Friday, 05 December 2014 05:49 PM

ඇයි උපවාස කරන්නේ? මේවා ඉතින් කාගේ වැඩද කියලා ඔබ වහන්සේලාත් දන්නවා ඇතිනේ (නි)

:       0       0

අනුර Friday, 05 December 2014 10:43 AM

සතර පෝය නිවාඩු දී බෞද්ධ අයිතීන් සුරකිව් (බ)

:       0       0

චමිලා Friday, 05 December 2014 07:04 PM

මම හිතන්නේ ලුම්බිනිත් ඉරිදා දහම් පාසල් මඟහැරුණ කෙනෙක් ඔය උපකාරක පන්ති නිසා (නි)

:       0       0

උදය Friday, 05 December 2014 07:08 PM

ඔය වැඩේ නම් වරදක් නැහැ. නමුත් දුප්පත් දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබෙනකොට පොහොසත් දරුවන්ට ගෙදරට ගෙන්වලා උපකාර පන්ති කරවලා හොඳින් විභාගය සමත් වෙයි නේද? (නි)

:       0       0

සිල්වා Friday, 05 December 2014 11:12 AM

මේක ඉතා හොද වැඩක් මොකද අද දරුවන් නොමගට යන්න ප්‍රධාන හේතුව දහම් පාසල් නොයාම.(හේ)

:       0       0

සමන් Friday, 05 December 2014 11:19 AM

මට මතකයි එක සිංහල උපකාරක පන්ති උගන්වන ගුරුවරයෙක් කියල තිබුණා දහම් පාසල් ගියහම දරුවෝ නරක් වෙනවා කියලා(දිල්)

:       0       0

ලලිත් Friday, 05 December 2014 11:32 AM

දරුවන්ට අනාගතය සාරවත් කරගන්න තියෙන මග අධ්‍යාපනයයි. විශේෂයෙන්ම ගල්ගමුව වගේ පැත්තක. නගරවල ළමයි පන්ති ගිහින් විභාග පස්වෙද්දී ගල්ගමුවේ ළමයි ගෙදරට වෙලා හිටියොත් තරග විභාග වලින් පසු බහිනවා. අන්තිමට වෙන්නේ හැමදාමත් දුප්පත් හෙන් ගොවියන් විදියට ජිවත් වෙන්න. එක නිසා අධ්‍යාපන වල කපන එකනම් බුදුබණට අනුකුලද කියලා තවත් වතාවක් හිතල බැලුවොත් හොඳයි. ළමයි පන්ති ගිහින් නොමන වැඩ කරන එකට පිළියම පන්ති නවත්වන එක නෙමෙයි. එක හැටියට පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. මටනම් පෙනෙන්නේ උන්නන්සේලට ඡන්දෙ දවස්වල අපිත් යමක් කළා කියලා පෙන්නන්න ඕන වෙලා වගෙයි.(දිල්)

:       0       0

දමිත් Friday, 05 December 2014 11:35 AM

මේක නං හොද වැඩක් (දිල්)

:       0       0

සුනෙත් හේමන්ත Friday, 05 December 2014 11:39 AM

මේකට අපි සියලු දෙනාම සහයෝගය දිය යුතුයි. ඔබ වහන්සේ පටන්ගෙන තියෙන්නේ ඉතා ප්‍රයෝගිකව අද රටට අවශ්‍ය දෙයක්. (ර)

:       0       0

සමන්ති Friday, 05 December 2014 11:59 PM

ලුම්බිණි, ඉරිදාට සෑම ආගමකම දහම් පන්ති පවත්වනවා (නි)

:       0       0

සතිෂ් Sunday, 07 December 2014 03:10 PM

මේව නතරකරන්න කාටවත් උවමනාවක් නැහැ හාමුදුරුවනේ. උත්සාහය අතහරින්න එපා. (නි)

:       0       0

අශෝක Friday, 05 December 2014 02:37 PM

මම නම් හිතනවා දරුවන් ඇති මාපියන් හැමෝම එකතුවෙලා හවස හතරෙන් පසුව ටියුෂන් දීම නතරකරන්න කියලා මේ සමඟම ඉල්ලුවා නම් ගොඩක් වටිනවා කියලා. එතකොට ළමයින්ට ගෙදර අයගේ ආදරය කරුණාව සහ එකමුතුකමත් ඉබේම පුරුදු වෙනවා. අද අපේ රටේ බැලු බැලු පැත්තේ තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය. මොකද පොතේ උගත්කම විතරක් නිසා.සමාජයේ හැසිරෙන්න දන්නෙ නැහැ (නි)

:       0       0

සජිත් Saturday, 06 December 2014 02:46 AM

සඳුනි හරි. මේ නීතිය රත්නපුරයේ ක්‍රියාත්මකයි. (නි)

:       0       0

එරන්ද Friday, 05 December 2014 03:23 PM

අර දරුවෝ මහන්සි වෙලා ඉගෙන ගත්තොත් තමයි රටට යමක් ලැබෙන්නේ. මේ උපවාස කරන අය මොනවද රටට කරන්නේ? (නදී)

:       0       0

දිසානායක Saturday, 06 December 2014 03:13 AM

පෝය දවසට සියලුම පෞද්ගලික ආයතනත් වැසිය යුතුය. (නි)

:       0       0

සඳුනි Friday, 05 December 2014 03:34 PM

අපේ හාමුදුරුවරුන්ට තෙරුවන් සරණින් දිරිය ශක්තිය ලැබේවා. දේශපාලනය නොකර මෙහෙම සමාජ යහ පැවැත්ම වෙනුවෙන් නැගී සිටීම කොතරම් අඟනේද? දැනගන්න ලැබෙන පරිදි මේ නීතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. ඒ එහි ඍජුව ක්‍රියා කරන කාර්යක්ෂම දිස්ත්‍රික් ලේකම්වරයෙකු සිටින නිසාලු. බලන්ගොඩ උපන් මට මෙය ආඩම්බරයක්. ඉක්මනින්ම කොළඹටත් මේ නීති පැමිණේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site