
(තිස්ස කොටින්කඩුව)
සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු පමණුගම වහටියගොඩ ඒපාමුල්ල රළ බිඳෙන වෙරළ තීරුවේ විශාල කොටසක් අල්ලා කළුගල් දමා විශාල බැම්මක් බදිමින් පවතින බව ප්රදේශවාසිහු වෝදනා කර සිටිති.
පරම්පරා ගණනාවක් ජනතාව සතු මෙම වෙරළ තීරුවේ පෞද්ගලිකව ඉඩම් හිමියකු අල්ලා ගැනීම ගැන ප්‍රදේශවාසී ජනතාව දැඩි කනස්සල්ල පල කර සිටිති.
මේ සම්බන්ධව ඉහල වගකිවයුතු නිලධාරින්ගේ සහ දේශපාලන බලඅධිකාරියේ කඩිනම් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ද ඔවුහු අවධාරණය කරති.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පදවි කමිටුවෙහි කැදවුම්කරි පරිසරවේදී දිනුෂ නානයක්කාර මහතා මෙසේ පැවැසීය.
පමුණුගම ඒපාමුල්ල වෙරළ තීරයේ වෙන කුමන ස්ථානයකවත් දැකිය නොහැකි පරිදි රල කඩන සීමාවේ වෙරළටම අලලා මෙසේ විශාල බැම්මක් ඉදිකරමින් පවතී.
මෙලෙස රළ බිඳෙන ස්ථානයටම ආසන්නව විශාල Stone seawall එකක් දැමීම තුල රලේ ශක්තිය එක ස්ථානයකට සංකේන්ද්‍රණය වන නිසා බැම්ම ඉදිරිපිට scouring නිසා වැලි හා පතුල් ද්‍රව්‍ය ඉවත් වීම සිදුවිය හැකියි.
අදාල ගල්බැම්ම බදිමින් සිටින ව්‍යාපාරිකයාගෙන් මේ පිළිබදව විමසා සිටීමේදී ඔහු පවසා සිටියේ වෙරළ සංරක්ෂණයෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් තාක්ෂණික උපදෙස් අනුව තමන් කටයුතු කරගෙන යන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd