IMG-LOGO

පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට

(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස  බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය කියයි.

හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි ධර්මරාජ් ලිබියා නැමති 18 හැවිරිදි පාසල් සිසුවිය මෙසේ ගාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

උඩුවර වත්තේම පදිංචි බව කියන සැකකරු ප්‍රදේශයෙන් ඵලා ගොස් ඇති බවත් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සැකකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා කියයි.

හාලිඇල දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඝාතනයට ලක්වු සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන්කර එයින් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි තරුණයෙකු පොරෝවෙන් හිසට කිහිපවරක් පහරදී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

වසර කිහිපයක සිට ඝාතනයට ලක්වු තරුණියගෙන් ආදරය අයදිමින් සිටි සැකකාර තරුණයා පසුගිය වසරේදි සිසුවියගේ මවට 
හා සහෝදරයෙකුට පොරෝවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙන බවද පොලිසිය කියයි

ඝාතනයට ලක්වු සිසුවිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සදහා බදුල්ල මහ රෝහලට මෘත
ශරීරය ගෙන යන බව පොලිසිය කීය,

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත නිළධාරීහු පරීක්ෂණ සිදු කරති,



අදහස් (5)

පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට

69ශ්‍රී 2019 Tuesday, 08 March 2022 05:12 PM

අනේ මන්දා, මේවාට මොනවා කියන්නද කියලා? දෙදෙනෙකුට පොරොවෙන් පහර දීලත් සමථ මණ්ඩලය වෙතට යොමුකිරීම මිනී මරුවගේ බිය දුරුකිරීමක් වියහැකියි. හොඳටම තිබුණු රටක්..., මොනවා නැතත් ඉන්න (අසරණයින්ට නැතත්) හිටින්න රටක් තියෙනවනේ..!

:       1       1

ranjith Tuesday, 08 March 2022 05:13 PM

මරණ දඬුවම නැතිව දරුණු අපරාධකාරයින්ට ගැලවෙන්න පුළුවන් නිසා මේ අපරාධ වැඩිවෙනවා.

:       0       1

හීන්බණ්ඩා Wednesday, 09 March 2022 03:37 AM

ආදිවාසි පෙම්වතෙක් ද කොහෙද? දියණියනි, ඔබ‍ට නිවන්සුව ලැබේවා...!

:       1       1

මහේෂ් Wednesday, 09 March 2022 03:43 AM

අනේ මෙහෙම මෝඩ හරක්. හදිසිකෝපය. දැන් ඉතිං ලැබෙයි ආදරේ. බලෙන් ලබාගන්න ආදරේ මොකටද? පව් මේ මෝඩ කෙල්ලෝ, කොල්ලෝ කරන වැඩ නිසා අසරණ දෙමව්පියන් විඳවනවා.

:       0       1

සිසිල් සුදේශ් Wednesday, 09 March 2022 06:52 AM

මේ අපරාධකරු මීට පෙරද පොරවකින් පහර දී ඇති බව සඳහන්. ඒක සමථ මණ්ඩලයට දමලාලු. ඒ වගේ බරපතල අපරාධයක් සමථ මණ්ඩලයට දමන්න පොලිසියට පිස්සුද? බොහෝ විට දැන හැඳුනුම්කම් මත පොලිසිය මේ වගේ ලිස්සලා යන එකෙන් සිදු වූ විපත පේනවද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site