IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාප් වහන්සේට ඉතාලියෙත් මඩ ප්‍රහාරයක්

ෆැන්සිස් පාප්තුමා ආජන්ටිනාවේ ගෝනෝස්අයර්ස්හි අගරදගුරු වහයෙන් සිටියදී 1976 දී පූජකවරුන් දෙදෙනකු පැහැර ගැනීමට ආජන්ටිනාවේ මිනීමරු මිලිටරි ජුන්ටාව සමග හවුල් වී සිටි බවට ආජන්ටිනාවේ මානව හිමිකම් පිළිබඳ නීතීඥයෙක් පැමිණිල්ලක් කර ඇත. නව පාප්තුමන් පත්වූ සැණින්ම මේ චෝදනා ඉතාලි පුවත්පත් කිහිපයක අද පළවිය.

එය පරණ චරිත ඝාතනයකියි පාප්තුමාගේ ප්‍රකාශකයෙක් කියයි.

ආජන්ටිනාවේ දේශාපන සිරකරුවන් සොයා ගැනීමට 1976-83 ඒකාධිපති පාලන සමයේ නව පාප්තුමා මානව හිමිකම් කණ්ඩායම් වලට බාධා කළ බවත්, එදා රජය මිනිසුන් සිය දහස් ගණන් මරද්දී ඒකාධිපති රජයට එරෙහිව කතෝලික පල්ලි අපොහොසත් වූ බවත් තවත් චෝදනාවෙකි.



අදහස් (0)

පාප් වහන්සේට ඉතාලියෙත් මඩ ප්‍රහාරයක්

එන්එස්.ජේ.පෙරේරා Friday, 15 March 2013 07:04 AM

එහෙනම් පාප්තුමාගෙන් ලංකාවට ආශිර්වාද ගන්න පුළුවං වෙයි..!(නු)

:       0       0

මේරි Friday, 15 March 2013 04:48 PM

මේ රටේ තරම් අනෙක් ආගම් වලට අපහාස කරන වෙනත් රටක් ලෝකයේ වෙන කොහේවත් ඇතියැයි මම නම් නොසිතමි. (නි)

:       0       0

සදුනි Friday, 15 March 2013 08:39 AM

ඕවා ඔහොම තමයි. නරකක් කියන්න කට ඇරුණට හොදක් කියන්න මිනිස්සුන්ගේ කටවල් ඇරෙනවා අඩුයි. (නි)

:       0       0

සම්පත් Thursday, 14 March 2013 04:46 PM

මෙතුමත් ලංකාවෙ කෙනෙක් වගෙයි..!(නු)

:       0       0

චින්තක Thursday, 14 March 2013 04:47 PM

ගින්නක් නැතිව දුමක් නොනගී..!(නු)

:       0       0

මරටුගොඩ උපරතන Thursday, 14 March 2013 05:14 PM

තෝරන්න පෙර හෙළිකරන්න බැරිඋනාද?(නු)

:       0       0

අරවින්ද Friday, 15 March 2013 09:23 AM

දැන් ඔය පාප් වහන්සේව තෝරාගෙන තියෙන්නෙත් දෙවියන් වහන්සේද? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 15 March 2013 09:36 AM

කාටද කරදර නැත්තේ (දී)

:       0       0

පිටිගල Thursday, 14 March 2013 05:41 PM

කළු දුම් දෙවරක්ගැසුවේ මේ දේවල්වලට වෙන්න ඇති..!(නු)

:       0       0

අලී Friday, 15 March 2013 09:45 AM

මහේෂ්, ස්ත්‍රී දූෂණ කරපු හාමුදුරුවරුනුත් අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 14 March 2013 05:38 PM

මේකට තමයි අට ලෝ දහම කියන්නේ.. බුදුන්ටත් ජේසුතුමාටත් මඩ ගැහුවා ඒ කාලේ..!(නු)

:       0       0

ගජබා Friday, 15 March 2013 09:46 AM

පිදිය යුත්තා පුදනු මිස ගැරහීමෙන් වැළකිය යුතුය. (නි)

:       0       0

නන්දලාල් Thursday, 14 March 2013 05:45 PM

හැමෝගෙම කිල්ලොටවල හුණු ටික ටික තියෙනවා නේද?(නු)

:       0       0

හේමන්ත Thursday, 14 March 2013 05:54 PM

කළු දුම් වල තේරුමක් තියෙනවා එහෙනම්..!(නු)

:       0       0

නෙතුමි. Thursday, 14 March 2013 06:01 PM

පාප් තුමාට කවුරු පත් උනත් ඒ තේරුණ කෙනාට අකමැති අය ප්‍රකාශ කරනවා.. මේ ලෝකෙ කවුද වැරදි නොකරන්නේ කියලා පුළුවන් නම් එදාට ඒ දේ කියන්න..!(නු)

:       0       0

දම්මි Thursday, 14 March 2013 06:03 PM

දෙවියන්වහන්සේගේ නියෝජිතායට කියන කතා..!(නු)

:       0       0

උපුල් Friday, 15 March 2013 10:28 AM

අරවින්ද, දැන් බලන්න හැමෝම කිව්වේ , හිතුවේ ඉතාලියෙන් නැත්නම් බ්‍රසීලයෙන් පත් වෙයි කියලනේ . එත් පත් වුණේ සුදුසන් අතර විසිදෙනාටවත් හිටපු නැති කෙනෙක්නේ. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මේක කාර්දිනල්වරු ඡන්දෙ දුන්නට උන්වහන්සේලාගේ යාඥාවන් තුල සැබවින්ම ක්‍රියාකරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. මිනිසුන්ගේ කැමැත්ත නෙමෙයි දෙවියන්ගේ කැමැත්ත වෙන්නේ. ඒ බව මේකෙන් පැහැදිලි වෙන බව මගේ විශ්වාසයයි. (නි)

:       0       0

ප්‍රභාත් Friday, 15 March 2013 06:18 PM

මටනම් අනුමත කරන්න බැහැ (දී)

:       0       0

මෝරාල Thursday, 14 March 2013 06:07 PM

‍එහෙනම් මෙතුමා අවුරුදු කීයක් ඉදීද දන්නේ නැහැ.. (නු)

:       0       0

සුනිල් Friday, 15 March 2013 10:53 AM

ඔබ වහන්සේ සැලෙන්න එපා (දී)

:       0       0

මාලක Friday, 15 March 2013 10:55 AM

ඒවා කතා වැඩ (දී)

:       0       0

බණ්ඩාර Friday, 15 March 2013 10:57 AM

මමත් බෞද්ධයෙක්. මේ ලෝකයේ වැරදි නොකරන කවුරුහරි ඉන්නවා නම් මට කියන්න බලන්න. (නි)

:       0       0

සම්පත් Friday, 15 March 2013 11:01 AM

අලි, ස්ත්‍රී දූෂණ ගැන කතා කරලා ඔයා උඩ බලාගෙන මූණට කෙළ ගහගන්නද හදන්නේ? (නි)

:       0       0

කොස්වත්ත Thursday, 14 March 2013 06:40 PM

මේ ඔක්කොම මඩ.. උන්වහන්සේ ආරජින්ටිනාවේ කාදිනල්වරයෙක් වෙලත් උන්වහන්සේට කාර් එකක්වත් නැහැලු.. උන්වහන්සේ ගමන් බිමන් යන්නේ පයින් හෝ බස් එකෙන් විතරලු.. උන්වහන්සේ පාප්තුමා උන් පසුව ඔහුට හිමි බෙන්ස් රථයේ ගමන් නොකර අනෙක් කාදිනල්වරුන් සමග වෑන් රියෙන් ගියේ.. මොකද හේතුව උන්වහන්සේ ජේසු නිකායේ ප්‍රැන්සිස්කන් වීමයි.. සාන්ත පැන්සිස් මුනිතුමාත් සියළුදේ අතහැර දුප්පතුන් සමග ජීවත් වූ අය..!(නු)

:       0       0

උදය. Thursday, 14 March 2013 07:23 PM

මේ පාප්තුමා හොද කෙනෙක් වෙන්න පුළුවං..!(නු)

:       0       0

විජය තෙර Friday, 15 March 2013 07:55 PM

සියල්ල ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්තනේ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 March 2013 07:35 PM

මෙන්න දැං තමයි නියම කළුදුම් ගහන්නේ..!(නු).

:       0       0

ප්‍රදීපා Friday, 15 March 2013 11:44 AM

අලි හරි, හැම ආගමක්ම අදහන අය හරි වැරදි දෙකම කරනවා. ක්‍රිස්තියානි, මුස්ලිම් විතරක් නෙවෙයි, බෞද්ධ අයත් වැරදි කරනවා. හාමුදුරුවරු, ෆාදර්, ලෙබ්බේ කියන්නේ බුදුන්වත් ජේසුවත් නෙවෙයි. (නි)

:       0       0

උපුල් මීගමුව Thursday, 14 March 2013 07:55 PM

හිටපු පාපේ වහන්සේ පත්වුණහමත් ඔහොම මඩ තිබුණනේ. (නි)

:       0       0

කේ.හේමසර Thursday, 14 March 2013 08:00 PM

කාටහරි මඩක් ගහන එක ලෝකෙ හැටි.. මේවා නිසා කම්පා නොවීම තමයි හොද..(නු)

:       0       0

සරත් Thursday, 14 March 2013 08:29 PM

වැඩේ හලාල් උනාද පටන්ගන්න කොටම? (අ)

:       0       0

උපුල් Thursday, 14 March 2013 08:41 PM

මිනිසුන් ඉතිහාසයේ සිදවූ අදහම් වැඩ නවත්තන්න පල්ලියේ මැදිහත්නොවීම සැළකිල්ලට ගත්තොත් පාප්වහන්සේ කෙනෙක් ගොයන එක ලෙහෙසි වෙන්නේ නැහැ..!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 15 March 2013 12:19 PM

ලංකාවෙන් පත් වුණා නම් ජිනීවා අයට ඒකත් ප්‍රශ්නයක් වේවි. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 15 March 2013 12:19 PM

දැන් අපි මඩ චෝදනා නවත්වමු. කොහොම නමුත් වත්මන් පාප්තුමා පත්කර අවසන්. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න අපි ඔහුට සුබ පතමු. (නි)

:       0       0

රංජිත් සෝමවංශ Thursday, 14 March 2013 09:55 PM

අයහාපත් ලෝකය යහපත් කරන්නට ඔබ වහන්සේට හැකියාව ලැබේවා. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 15 March 2013 12:42 PM

ඉතාලියෙන් මඩ ගහන එකයි හිතා ගන්න බැරි (දී)

:       0       0

සිරි Thursday, 14 March 2013 10:05 PM

පාප්තුමාට එයාගේ වැඩක් කරගන්න දීලා අපි අපේ වැඩක් බලාගෙන ඉමු.. එතකොට ඉවරයිනේ.. අනුන්ගේ දේවල් වලට කෑගහන්න යන්නේ නැතිව.!(නු)

:       0       0

තිලිනි Friday, 15 March 2013 01:07 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

කුරුවිට Thursday, 14 March 2013 10:17 PM

පටන්ගත්තගමන්ම මඩ..!(නු)

:       0       0

මොහොමඩ් ගෆූර් Friday, 15 March 2013 01:09 PM

ප්‍රදීප් කරුණාකරලා මම කියන‍ දේ තේරුම් ගන්න. (ස)

:       0       0

අසේල Thursday, 14 March 2013 10:40 PM

වතිකානුවේ කොහොමත් ඔහොම තමයි.පාප් තුමා වෙන්න එකත් සුදුසු කමක්ද කවුද දන්නේ.(නු)

:       0       0

බණ්ඩාර Friday, 15 March 2013 01:16 PM

තරහක් පිරිමහනවත්ද (දී)

:       0       0

මොහොමඩ් ගෆූර් Friday, 15 March 2013 01:29 PM

සම්පත් වෙනත් අයට කියන කොට ඔයාලට පුදුම තෘප්තියයක් තියෙන්නේ නේද ? හැබැයි ඔයාගේ ආගමත් කවුරුත් මොකුත් කියන්න හොද නැහැ නේද ?

:       0       0

චින්තන Saturday, 16 March 2013 10:14 AM

ලංකාවේ වෙන සමහර දේවල් එක්ක බලද්දී මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

මිලි Friday, 15 March 2013 02:05 PM

ලෝකෙම මඩ ගහනවා වගේ ඒ පාර (දී)

:       0       0

ජීව Friday, 15 March 2013 12:26 AM

මං හිතුවෙ පාප්තුමා අපේ ලංකාවෙන් තෙරෙයි කියල.(නු)

:       0       0

චතුරංග ප්‍රියශාද් Friday, 15 March 2013 02:26 PM

කොහොමත ගල් වදින්නේ ඵල ඇති රුකුටනේ. (ස)

:       0       0

ලංකාසිරි Friday, 15 March 2013 02:51 PM

බණ්ඩාර, වැරදි නොකරන බෞද්ධයින් සහ අන්‍ය ආගමිකයින් ඕනෑතරම් ලෝකයේ සිටිනවා. (නි)

:       0       0

කුමාර Friday, 15 March 2013 01:36 AM

හරියටම හරි සිරි (නි)

:       0       0

පයාගල Friday, 15 March 2013 03:34 PM

මටනම් හිතා ගන්නවත් බැහැ (දී)

:       0       0

උපුල් Friday, 15 March 2013 03:40 PM

දම්මි, කලින් ජේසුස් වහන්සේ ගැන කතා කරමු. උන්වහන්සේටත් මිනිස්සු කොයිතරම් නම් මඩ ප්‍රහාර , බොරු චෝදනා කළාද ? ඒවා නවත්තන්න කාටවත් බැහැ. ඒක ලෝක ස්වභාවය නෙමෙයි මිනිසුන්ගේ ස්වභාවය. (නි)

:       0       0

මහේෂ් Friday, 15 March 2013 04:48 AM

ක්‍රිස්තියානු, මුස්ලිම් ආගම් වල මේ දේවල් ‍ගොඩක් ලොකු ප්‍රශ්න නෙමෙයි නේද? (නි)

:       0       0

චමිලා Friday, 15 March 2013 03:46 PM

අනේ. පුද්ගලික තරහක් තමයි මේ නම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site