IMG-LOGO

පන්දුව පළුදු කිරීමේ කිසිදු සාක්‍ෂියක් නැතිලූ

ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් ලැබී නැතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තත්ත්වය යටතේ අදාළ පරීක්‍ෂණ එතෙකින් නිමා වනු ඇත. ශී‍්‍ර ලංකා පිතිකරුවන් පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටියදී  ඕස්ටේ‍්‍රලියානු පිලේ පීටර් සිඞ්ල් පන්දුව පළුදු කළේ යයි ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් කරුණු දක්වනු ලැබ තිබිණ. එසේ වුවත් තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා පවසා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධ සියලූම රූපවාහිනී වීඩියෝ පට නැරඹූ නමුත් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් හමු නොවූ බවයි. ”තරගය පවතිද්දී විනිසුරුවරුන් නිරන්තරයෙන්ම පන්දුව පිළිබඳව පරීක්‍ෂාවෙන් පසුවුණා. ඒ වගේම වීඩියෝ පට පරීක්‍ෂාවෙන් පසුවත් ඔවුන් පන්දුව ගැන පරීක්‍ෂාවන් පසුවුණා” ”පන්දුවේ තත්ත්වය වෙනස් කළ බවට කිසිදු සළකුණත් තිබුණා කියා ඔවුන් ප‍්‍රකාශ කළේ නෑ” යයිද බ්‍රෝඞ් මහතා පැවසීය.



අදහස් (0)

පන්දුව පළුදු කිරීමේ කිසිදු සාක්‍ෂියක් නැතිලූ

සිසිර Wednesday, 19 December 2012 09:26 PM

පැරදිලා බොරුත් කියනවාද මන්දා? (නි)

:       0       0

කුරුවිට Wednesday, 19 December 2012 03:18 PM

නටන්න බැරි වුණේ පොළව ඇද නිසා නොවේ (ස)

:       0       0

තා Wednesday, 19 December 2012 10:44 PM

බොරු කියනවා මෙතන (දී)

:       0       0

ජනක - මෙල්බර්න් Thursday, 20 December 2012 06:38 AM

ඊයේ හෙරල්ඩ් සන් පත්තරේ සිඩ්ල් සහ එඩ් කොවර් පන්දුව පලුදු කරන ඡායාරූප දාලා තිබුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 137 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site