
(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියාට ඔවුන් සමග ජනතාව පැමිණ නැතැයි පෙනී යන්නේ යැයි පවසා ඇති හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බව සඳහන් කළේය.
ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.
එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර ඇත.
මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ බහුතර ඡන්ද වමටයි බර. ඒවා දකුණට වැටෙන්නේ නෑ.
අපි ඒක දන්නවා මුල ඉඳලම .පොහොට්ටුවෙන් ආපු කට්ටිය ඔබතුමාව රැවටුවා.වෝට් තියනවා කියලා ඔබතුමාගෙන් බාර් ලයිසන් සහ තවත් දේවල් ගත්තා . දැන් කෝ ප්‍රසන්නලා ,රෝහිත කටවල් විතරයි. ඔබතුමාට වැඩක් කරලා නැහැ ,දැන් වත් ඒක තේරුම් අරගෙන වැඩ කරන්න
අලුත් මුහුණු? අලුත් බෝතල්වල ප්‍රමිතියෙන් බාල බීම. ඕව බිව්වොත් බඩේ අමාරු හැදෙයිනෙ, හිටපු ජනාධිපතිතුමණි!
රටේ වෙලාවට මෙයාට ජනාදිපති චන්දෙන් දිනන්න පුළුවන් කියල අවසාන වෙනකම් විශ්වාසය තියන් හිටියා ,නැත්නම් දන්නා තියන ඔක්කොම ජිල් මාර්ට් දාල චන්දෙ නවත්තනවා
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් රනිල් ජනදිපතිතුමාට ඡන්දය ලබාදී නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ පුත් නාමල්ට පවා චන්දය ලබාදී නොමැත. මෙයින් පෙනෙන්නට තිබෙනුයේ වර්තමානයේ චන්දදයකයන් පක්ෂවටා නොව පුද්ගලයන් සහ ඔවුන්ගේ පොරොන්දු මත චන්දය ලබාදීමට කටයුතු කරනා බවකි. කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනයේ දේශපාලකයන් සිටියද, අනාගතයේ රාජ්‍ය නායකයන් වසයෙන් හදුන්වා දීමට හෝ පිළිගැනීමට තරම් කෙනෙකු රනිල් ජනදිපතිතුමා දේශපාලනයෙන් ඉවත් වු පසු කිසිදු දේශපාලන පක්ෂයක සිටීද ? ලංකාවේ දේශපාලකයන්ගෙන් පිරි තිබුනද බුද්දිමත් ඉවසීම සහ දුරදක්නා නායකයන් නොමැත. මෙය පක්ෂ දේශපාලනයෙන් තොරව සිතා බැලිය යුතු කාරණයකි
නරකද දැන් පොඩ්ඩක් පැත්තකට උනා නම් .
අඩෝ සීයේ විශ්‍රාම යන්න කාලේ හරි අවුරුදු 45 ඉදලා කරපු දේවල් අපි දැක්කා නේ
අවස්ථාවාදීයා... අලියා මරලා දාලා දැන් ආයෙත් අලියාට එන්න හදනවා ... ඔබගේ දේශපාලනය කලකිරෙනවා අපිට
පොහොට්ටුවේ හොරු ටික අරන් ඔබගේ නමත් කිට්ටු වුණා. එයාලා එක්ක ජනතාව නොව බව කවුරුත් දැනගෙන සිටියා ඒ හොරු රැල පන්නලා දමලා පක්ෂය සුද්ද කරගන්න
දැන් නං සෑර් මොන වෙට්ටු දැම්මත් ගොඩ එන එක ලේසි නෑ. සර් ට දැන් තියෙන්නෙ රනිල් රාජපක්ස කියන නම වෙනස් කරල රනිල් වික්‍රමසිංහ නම ආපහු ගන්න එකයි. නැත්නම් ඉතින් මිනිස්සු අලුත් නමක්යි දායි රනිල් බිබික්කමසිංහ කියල.
අපේ සමාජය දුප්පත් වී ඇති තරම ඔය අසන්ක ගේ කොමෙන්ටුවෙන්ම තේරුම්ගන්න පුළුවනි. කවුරු ආණ්ඩුකලත් මේවගේ මිනිස්සු පුනුරුත්තාපනය නොකර මේ රට හදන්න බැහැ . මේ වගේ මිනිස්සු තමන්ගේ පාසලේ විදුහල්පති විශ්‍රාම ගිය දවසට අඩෝ පිනා කියල කතාකරාවි.
මොකාගෙන් ආවත් දිනන්න බෑ.
වික්‍රමසිංහ මහත්තයෝ, ඔබේ තත්ත්වය රැකගෙන නම්බු පිටින් විශ්‍රාම යනවාද? එහෙම නැත්නම්, අර ඔබේ මිත්‍ර මහින්ද ලොක්කා වගේ ලොම් හැලෙනකන් ඉඳලා, දේශපාලන කුණු බක්කියට වැටෙනවද? තීරණය ඔබ සතුයි.
උන් මට ගැහුවා මට උන් ගැහුවා වගේ වැඩක් වෙලා තියෙන්නේ මුත්තට !
අපි හිතුවේ දැන්වත් විශ්‍රාම යයි කියලා ?
අයියෝ, එජාප සාමාජිකයොත් ඔබට අකමැති බව දන්නේ නැද්ද?
රනිල් සහ සජිත් සමාන කාන්දම් ධ්‍රැව දෙකක් වගේ, කවදාවත් එක් නොවන බව ස්ථීරයි. අනෙක ගාල්ලෙ වජිරල වගේ බඩු ඉන්නකන් දිනනව බොරු
පොදුජන පෙරමුණ හිතූ තරම් ඡන්දය දී නැහැ .ඒක සහතික ඇත්ත එක්සත් ජාතික පක්ෂයේ ස්ථිරවම විශාල ඡන්ද පදනමක් තියෙනවා ඒවා නොසලකා අවස්ථාවාදීන් එක්කර ගැනීම නිසා තිබුනු ඡන්ද විශාල වශයෙන් අහිමි වුනා වක්කුඹුරලා පවිත්‍රලා පක්ෂය සමග සම්බන්ධ වීමෙන් තිබුන පදනම බොහෝසේ අඩුවුනා සාමාජිකයන් ඡන්දය පාවිච්චි කලේ නැහැ පොහොට්ටුව 2019 ලක්ෂ හැටනවයක් ගත්තා කිව්වට එම පක්ෂය වෙනුවෙන් කිසිම ඡන්ද පදනමක් ඇත්තෙම නැහැ ඒ බව ප්‍රතිඵල විමසිල්ලෙන් බලන්න පුළුවන් කෙනෙකුට නම් තේරුම් ගන්න කොහොම වුනත් එජාප පාක්ෂිකයන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතත් ඔවුන් පක්ෂය හැරදමා නැහැ පක්ෂය පරාජයට පත්වුනේ දුරදිග නොබලා ඉක්මනින් ජනාධිපති වෙන්න උත්සාහ කිරීම නිසා කියලා කියන්න පුළුවන්
මමත් UNP පාක්ෂිකයෙක්. මම දන්නවා ඔයා කවුද කියලා. ඔබ ආත්මාර්ථකාමී සහ උඩඟු වන්නේ ප්‍රධාන වශයෙන් ඔබ වලව්වෙන් පැමිණි බව ඔබ සිතන බැවිනි
ඕකුන් යන තැනකට වගතුවක් නැහැ, කප්පං කාරයෝ, රත්තරං, නඩු තියෙන ඇයෝ නාව නම් තවත් ඡන්ද ගන්න තිබුණ, උන්ට උන්ගෙත් උන්ගේ සීමිත හොර නඩයෙත් ඡන්ද පමණයි. ඕකුන්ට වෙන්නේ හිරේ ලගින්න පමණයි ,හිරේ යන්න නියමිත අයට ජනතාව ජන්දෙ දෙන්නෙ නැහැ.
කෝ අර පොහොට්ටුවෙන් රනිල්ට සහය දුන් පිරිසිදු සෙට් එක? සුසිල්, ලන්ස, කල්ලිය, රනිල් නැත්නම් අපිට හුස්ම ගන්නවත් නැති වගේ කතා කලේ, මුන්ට කියන්න වෙන්නේ ලෝකෙ කැරකැවෙනවා ,කෙනෙක් මලාම නැති වුණහම එතනට වෙන කෙනෙක් ආදේශ වෙනවා, එහෙම නොවෙනවා නම් ලෝකයේ පැවැත්මක් නැහැ .
ඇන්ගිලා මාලු කෑවා නම් වද විදපන් කිව්වාලු