IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

 

(ඩබ්ලිව්.ඒ. අසේල)
 
පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ වෙළඳ සැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් අද (05)
තීරණය කර ඇත. මාරස්සන නගරයේ වෙළඳසැල් විශාල ප්‍රමාණයක් හා අවට ගම්වල වෙළඳසැල් ද ඒ අතර වේ.
 
අද දිනය තුල කොවිඩ්- 19 වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවීමත් සමග ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.
 
මෙම තිදෙනා පසුගිය 31 වැනි දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අම්පිටිය කැවල  මාළු ව්‍යාපරිකයාගේ සහායකයින් වන අතර අනෙක් අය සහායකයෙකුගේ බිරිද වේ.
 
මොහු පෑලියගොඩින් මාලු ගෙනවිත්  කැටවල හා මාරස්සන ප්‍රදේශයේ මාලු වෙළඳසැල් පවත්වාගෙන යන  අතර  සහායකයන් තලාතුඔය අවට විශාල ගම් ප්‍රදේශයක ජංගම මාලු වෙළදාමේ නිරතවී ඇත.
 
ඒ අනුව ඔවුන්ගේ සමීපතමයින් සොයා ඔවුන් නිවෙස්තුලම නිරෝධායනයට ලක්කිරීමටත් ඔවුන්ගේ පිසිආර් පරීක්ෂණ සිදුකිරීමටත් පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු යොදා ඇත.



අදහස් (0)

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site