(හිරාන් ප්‍රියංකර ජයසිංහ, එච් .චන්දන සහ රෝවන් පෙරේරා)
පුත්තලම සිමේන්ති සමාගම් භුමියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇති හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි එම සමාගම කියයි. ගින්න නිවා දැමීමට පොලිසිය ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදාව දැඩි වෙහෙසක් ගත් බව පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගිනි මැඩපැවැත්වීමට ජලය සපයා ගැනිමට ස්ථානයක් නොමැති විම ගින්න නිවීමට ප්‍රශ්නයක්වී තිබූ බවද ගිනිනිවන භටයෝ කීහ.
සිමේන්ති සමාගමේ අලියාඩ් කසල විනාශ කිරීමේ අංගනය තුළ මෙම ගින්න හටගෙන ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇගළුම් කර්මාන්ත ශාලාවලින් පුළුස්සා විනාශ කිරීම සදහා රැගෙන විත් තිබු අපත් කළ රෙදි හා තවත් දෑ අසුරා තිබු ස්ථානයට නුදුරින් ගින්න ඇවිලි ගොස් තිබු බව කියැවේ.
ගිනි හටගත් ස්ථානයේ පුලුස්සා විනාශ කිරීම සදහා සුදානම් කර තිබු දෑ ටොන් 2000 කට ආසන්න ප්‍රමානයක් තිබු බවද කියයි.
පවතින වියළි කාළගුණයත් සුළං තත්වයත් හේතුවෙන් ගින්න නිවා දැමීම බරපතල තත්වයක් වී තිබු බවත් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ගනනාවකට අයත් ජල බවුසර් ගිනි නිවන රථ හා යුධ ගුවන් නාවික හමුදාවන්ට අයත් ගිනි නිවිමේ එකක ද ගෙන්වා තත්ත්වය පාලනය කර ඇත.
ගින්න නිසා කර්මාන්ත ශාලාවේ වෙනත් කිසිදු අංශයකට හානි සිදුවි නොතිබුන බවත් අවට ප්‍රදේශ වෙත ගින්න පැතිරි යාම වැලැක්විමට දැවැන්ත උත්සහයක් ගන්නා බවත් සිමේන්ති සමාගමේ පාලනාධිකාරිය පවසයි.
පුත්තලම රෙදි ගබඩා අංශයේ හදිසි ගිනිගැනීම සම්බන්ධයෙන් ඉන්සි ඉකෝසයිකල් සමාගමේ සාමාන්‍යාධිකාරි සංජීව චූලකුමාර මහතා පහත සඳහන් නිවේදනය අපවෙත එවා තිබේ.






2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුත්තලම සිමෙන්ති සමාගමේ ගින්නක්
janatha anura Saturday, 19 August 2017 05:27 AM
වතුර නැතිලු වතුර හොයා ගන්න බැරි ගිනි නිවන හමුදාව හමුදාවක් නොවේ පෙරසුදානම් නැති එකම හමුදාව ඔක්කොම ගිනි ගන්නවා රටම විනාශයක ප්‍රාදේශීය සබැ දේසපාලන හේතු මත අකර්මන්‍ය වීම මේවාට හේතුය