(රෝෂන් තුෂාර)
පුත්තලමේ සිට කොළඹ බලා පැමිණි දුම්රිය මැදිරියක වැසිකිලීයේ දින කිහිපයක් වයස ඇති බිළිඳු මළ සිරුරක් තිබී සොයා ගත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් දෙමටගොඩ පොලිසිය පැවසීය.
දෙමටගොඩ පොලිසියේ පොලිස් සැරයෙන් කුලතුංග (47091)මහතා කරුණු දක්වමින් කියා සිටියේ අද උදෑසන 10.36ට මරදාන්ට ළඟා වූ දුම්රියේ වැසිකිළියක මෙම බිළිඳු මළ සිරුර තිබී ඇති බවය.
දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තැබූ දුම්රිය කම්කරුවන් විසින් පිරිසිදු කරන අවස්ථාවේදී මෙම බිලි බිළිඳු මලසිරුර සිලි බෑග් එකක දමා තිබියදී සොයාගෙන ඇති බව පොලිසියට පැමිණිලි කර ඇති බවද පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බිළිඳු මල සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුත්තලමේ සිට කොළඹ පැමිණි දුම්රියේ වැසිකිලීයේ බිළිඳු මළ සිරුරක්