IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලම නගර සභාපති තේරීමෙන් පසු ගැටුමක්

රෝවන් පෙරේරා 

පුත්තලම නගර සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමෙන් පසු එජාප සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමට නොදී පාලනය කළ බව පොලිසිය කියයි.
 

මෙවර පළාත් පාලන මැතිවරණයෙන්   එක්සත් ජාතික පක්ෂයෙන් මංත්‍රිවරු  හත් දෙනෙක් ද, සහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන්   මංත්‍රිවරු  හත් දෙනෙක් ද,   ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් ද,   ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන කණ්ඩායමකින් මන්ත්‍රීවරු දෙදෙනෙක් තේරී පත්වූහ.
 
එම මන්ත්‍රීවරුන් අද රැස්වී නගර සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී   මුස්ලිම් කොන්ග්‍රාසයෙන් නගරාධිපති ධූරය සඳහා පුත්තලම හිටපු නගරාධීපති කේ ඒ බායිස් මහතාගේ නම ද   එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අලී සබ්රි රහීම් මහතාගේ නම ද යෝජනා විය.
 
ඒ අනුව වයඹ පළාත් පාලන කොමසාරිස් රංජිත් ප්‍රේමලාල් ජයසිංහ මහතා ඉදිරියේදී රහස් ඡන්දයක් පැවැත්විණි.  එම රහස් ඡන්දයෙන් ඡන්ද 11ක් ලබා ගත් කේ ඒ බායිස් මහතා නගර සභාවේ සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැණිනි.   එජාප මන්ත්‍රීවරයාට ලැබී තිබුණේ ඡන්ද හතක් පමණි.
 
උප සභාපති තේරීමේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සුසන්ත පුෂ්පකුමාර මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ විජිත ප්‍රසන්න  මහත්වරුන්ගේ නම් යෝජනා වූ අතර ඒ සඳහා පැවැති රහස් ඡන්දයෙන් සුසන්ත පුෂ්පකුමාර මහතා උප සභාපති ලෙස තේරී පත් විය.
  
මෙම නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ අවස්ථාවට දැඩි පොලිස් ආරක්ෂාව යෙදවීමට පොලිසිය කටයුතු කර තිබිණි.  සභාපති තෝරා පත් කැ ගැනීමෙන් පසු   පක්ෂ ආධාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය මැදිහත් වී එය සමතයකට පත් කළේය.
 
මෙවර පුත්තලම නගර සභාවට රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදුණු අතර නගර සභාවේ නගරාධිපති ධුරයට එජාපයෙන් නම යෝජනා වූ අලි සබ්රි මහතා රිෂාර් බදුර්දීන් මහතාගේ පක්ෂයේ නියෝජිතයෙකි.
 



අදහස් (4)

පුත්තලම නගර සභාපති තේරීමෙන් පසු ගැටුමක්

KAMARUDDEEN Tuesday, 27 March 2018 02:22 PM

බලය ගන්න පොරකන්නේ, ජනතාවට සේවය කරන්න නෙමෙයි. තමන් පොහොසත් වෙන්න. ඒකයි බලයට ඔච්චර කෑදර.

:       0       41

සනත් ඉතාලිය Tuesday, 27 March 2018 02:54 PM

කෝටි ගණනක් මහජන මුදල් වියදම් කර නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත. කවදාද අපි මේ සාපයෙන් මිදෙන්නේ

:       0       29

sachith Tuesday, 27 March 2018 03:11 PM

අනේ මේ ගහගන්නේ ජනතාවට සේවය කරන්න ලැබුනේ නැතිකමටනේ.

:       0       26

Chanak Los Angeles Tuesday, 27 March 2018 06:58 PM

අපි නම් වාසනාවන්තයි... පව් රටේ වෙසෙන අහිංසක ජනතාවට යන කල ..

:       11       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site