සපත්තුවේ පත්තෑයකු සිටිනු දුටු ඉංජිනේරුවකුගේ කැබ්රිය පානදුර කුරුස හන්දියේදී ත‍්‍රීරෝද රියක, වෑන් රියක, මෝටර් සයිකලයකද හැපී තාප්පයක හැපුණු බව පානදුර පොලිසිය කියයි. ත‍්‍රීරෝද රියේ සිටි කුඩා දරුවකු ඇතුළු සිවුදෙනෙක්ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පත්තෑයා සිවුදෙනකු රෝහලට යවයි.
සමන්ත Tuesday, 14 August 2012 07:34 PM
වහාම පත්තෑයට මරණදඩුවම ලබා දෙනු.. මහත්තයා නිදහස්..!!(නු)
ඉන්ද්‍රජිත් Tuesday, 14 August 2012 08:06 PM
සපත්තුව පැළඳ ගනිත්දීවත් නොදුටු පත්තෑයා රිය පදවද්දී ඇස ගැසීම තමා පුදුම. (නි)
ජයකොඩි Wednesday, 15 August 2012 04:55 PM
මෙය ගණිත මොළයෙන් නිර්මාණය කරපු විෂිශ්ට තාර්කික බොරුවක්වත්ද? (නි)
මධු Wednesday, 15 August 2012 06:58 PM
පත්තෑයෙකුට බය වෙන්න තරමට ලංකාවේ කොල්ලන් බයගුල්ලන් වෙලාද ? (නි)
සජී Tuesday, 14 August 2012 02:12 PM
පත්තෑයකුට බව වෙලා මෙහෙම අනතුරක් කරගත්තානම්.. වෙන සර්පයෙක් එහෙම දැක්කනම් කන්න ඉස්සරවෙලා බයට මැරිලා වැටෙයිනේ...!!(නු)
හේමන්ත Tuesday, 14 August 2012 02:20 PM
කලකට ඉහත මම මගේ පරණ කාර් එක පදවාගෙන කෝට්ටේ පාරේ යන වෙලාවක ඉස්සරහ වීදුරුව ළඟ ඉඳලා මීයෙක් මගේ උරහිසට පැනලා පසු පස ආසනයට පැන්නා. මම අනතුරක් නොවී බේරුණේ යාන්තමින්. ඕනෑම කෙනෙක් බය වෙනවා. මේ සිදුවීම ගැන කණගාටු වෙනවා. (නි)
ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 02:33 PM
දැන් කට්ටිය අදහස් දායි වීරයන් වගේ, "ආපෝ පත්තෑයටත් බයයිද" කියලා. ඒත් සිද්ධියට මුහුණ දුන්නු කෙනයි දන්නේ ඒකේ හැටි. (නි)
සෙලනිකා Tuesday, 14 August 2012 10:45 PM
පත්තෑයා වැරදිලා ඒක අස්සට ගියාම ඒකෙ ගඳට සිහිනැති වෙලා සිහිය ආපු ගමන් එළියට එන්න ඇති. (නි)
පතිරණ Tuesday, 14 August 2012 03:24 PM
මෙතන වෙන මොකක් හරි වෙලා තියෙනවා.. වාහන එලවනගමන් කොහොමද සපත්තුවෙ ඉන්න පත්තෑයො දකින්නෙ..?(නු)
ජීවා Tuesday, 14 August 2012 03:49 PM
ඉගෙනගෙන තිබුණට වැඩක් නැහැ.. සපත්තුවක් දාන්න ඉගෙනගෙන නැහැ.. සපත්තු දාන්න කලින් පොඩ්ඩක් ගසලා කරලා දාන්න ඕනෑනෙ.. ?(නු)
එස්.එල්.ටී.කේ. Tuesday, 14 August 2012 04:23 PM
කොහොම ද අධිවේගී මාර්ගයේ යනකොට ඔහොම උනා නම් ?(නු)
ලංකා Wednesday, 15 August 2012 04:39 AM
දැන් මෙතන ප්‍රතිචාර දාන මේ පණ්ඩිතයන් දැන් කියන්නේ මේ සිදුවීමත් බොරුවක් කියලද? (නි)
ප්‍රිමේෂි Wednesday, 15 August 2012 07:25 AM
මේක නීතියෙන් බේරෙන්න ගොතපු බොරු කතාවක්ද කොහේද? (නි)
සරත් Tuesday, 14 August 2012 07:01 PM
බොහෝ විට මේ විදුලි ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඇති.. එයාලට මේ දවස්වල මේ වගේ දේවල් වෙනවා....!!(නු)
තිලක් Wednesday, 15 August 2012 09:06 AM
රිය පැදවීමේදී ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව අනිවාර්යයෙන් තිබිය යුතුයි. (නි)
බණ්ඩාර Tuesday, 14 August 2012 07:25 PM
ගණන් හදන්න මොළය තිබුණට සාමාන්‍ය දැනීම නම් බිංදුවයි වගේ. (නි)