IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුංචි ඡන්දෙට මාතලේ ප්‍රා.සභා රැසක පිල් මාරු කිරිම්

(ඉන්දික අරුණ කුමාර)

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ පිල් මාරුකිරීම් පිළිබඳ මාතලේ දිස්ත‍්‍රික්යේ ප‍්‍රාදේශිය සභා රැසක හිටපු මන්ත‍්‍රිවරු රැසක් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ඇති කරගත් කලකිරීම් මෙන්ම පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයන් හිමි නොවු පුද්ගලයින් ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතලේ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අලුතෙන් පත්වු සංවිධායකයකු කියා සිටියේ නොදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකිරීමට නියමිතය.

මේවන විටත් දිර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් නොදුරේම එම පිරිස විවෘත ප‍්‍රකාශයන් සිදුකර ජනපති සහාය පලකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

මාතලේ,විල්ගමුව,නාඋල සහ පල්ලේපොළ ප‍්‍රාදේශිය සභාවන් හි හිටපු මන්ත‍්‍රිවරුන් රැසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 



අදහස් (8)

පුංචි ඡන්දෙට මාතලේ ප්‍රා.සභා රැසක පිල් මාරු කිරිම්

daham Sunday, 03 December 2017 07:10 AM

ඔහොම කියන එක අයෙකුගේ හරි නමක් දාන්නකෝ, කිසියම් හෝ විශ්වාසයක් ඇති කර ගන්න. නැත්නම් ඉන්දික ඕවට කියන්නේ අතේ රෝල් කියලා. මාධ්‍ය කාරයකුට විශ්වාසය බොහොම වැදගත් බව තේරුම් ගන්න.

:       167       337

බේබද්දාSunday, 03 December 2017 02:39 PM

හාල්පානගේ බීරපාල කෙනෙක් ගැනද මේ කියන්නේ?

:       4       65

Muhan Sunday, 03 December 2017 07:28 AM

යන එන මන් නැති කට්ටිය හැමෝම එස්.එල්.එෆ්.පී. එකට. අනේ මේ පක්ෂයට ගිය කල.

:       1       423

sam Sunday, 03 December 2017 07:54 AM

එ්කාබද්ධයේ කට්ටියට ඕනෑම පැත්තකට යන්න ඉඩ හසර තිබුණත් එජාප, ශ්‍රීලනිප අතරේ පාට මාරු කරන්න අවසර දෙන්නේ නැහැ කිව්වා නේද?

:       0       60

daham Sunday, 03 December 2017 08:41 AM

නමක් සඳහන් නැති අතේ රෝල් ලියන්න එපා. ලැජ්ජයි.

:       14       113

nishanth Sunday, 03 December 2017 02:27 PM

ඔය පැත්තේ ලඟදි සල්ලි විසික්කරන කෙනෙක් පිල් මාරු කරලා දැන් ඔය කට්ටියටත් හොඳට ගෙවන බව නම් මෙවන් ගොතපු බොරු දේවල් වලින්ම පේනවා. කමක් නෑ ගන්න ගන්න මේ ඡන්දෙ දවස්වලට විතරනේ. ඊටපස්සේ තැබෑරුමට ගිහින් එයාට පොලියටත් එක්කම ආපහු ගෙවන්නකෝ ...

:       14       246

C.K.Lankaputhra Sunday, 03 December 2017 09:03 PM

ඇත්තට අප්‍රිය සහගතයි මේ අසික්කිත දේශපාලනය ගැන. කවදා මේවා හරියයිද? හොරා එකරැයින් සුදනා වෙන ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.

:       0       0

pitigala Monday, 04 December 2017 02:56 AM

මොකා පිල් මාරු කලත් හිටපු දූෂිතයින්ට ඡන්දෙ නොදීමට ජනතාව වග බලා ගත යුතුයි! සුදුසු උගතාට ඡන්දය දෙන්න. හොරුන් චන්ඩින් පිටු දකින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site