IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීලා දෙගුණයක්

(ජයන්ත සමරකෝන්,ඡායාරූපය ඉෂාන් සංජිව)

නව මැතිවරණ ක‍්‍රමය අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ද සභිකයන්ගේ සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ද වැඩිවෙයි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව පහකින් වැඩිවන්නේ මහ නගර සභාවක් සහ ප‍්‍රාදේශීය සභා 4ක් අලූතින් පිහිටුවීම නිසාය.

තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව පොලොන්නරුව මහ නගර සභාව වශයෙන් උසස් කර ඇති අතර නුවරඑළිය ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයෙහි නෝර්වුඞ් සහ මස්කෙළිය යනුවෙන් ප‍්‍රාදේශීය සභා දෙකක්ද අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙහි ආගරපතන සහ කොටගල යනුවෙන් ප‍්‍රාදේශීය සභා දෙකක්ද අලූතින් පිහිටුවනු ලැබේ.

පළාත් පාලන ආයතනවලට තෝරාපත් කෙරෙන සභික සංඛ්‍යාව දැක්වෙන සංස්ථාපන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ අත්සන් තැබූ අතර එය මුද්‍රණය සඳහා ඊයේම රජයේ මුද්‍රණාලයට යවනු ලැබීය.

ගැසට් පත‍්‍රයට අත්සන් තැබීමෙන් පසුව සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය යැයි කී ‘‘පිච්එක’’ දැන් සකස් කර දී ඇති බවත් ඔවුන් කළ යුත්තේ ‘‘මැච්එක’’ ගැසීම පමණක් බවත් කීය.

ඡන්ද කල්දමන ඇමැති ලෙස ගත වූ වසර දෙක තුළදී තමාට චෝදනාවලට මෙන්ම අපහාසවලටද මුහුණදීමට සිදු වූ බව කී ඇමැතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පවරන ලද වගකීම කුමන චෝදනා එල්ලවුවත් කාටත් සාධාරණ ලෙස ඉටුකිරීමට හැකිවීම ගැන තමාට විශාල සතුටක් ඇති වන බවද කීය.

ඡන්දය කල්යෑම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා තමන්ට විවිධ චෝදනා එල්ල කළද, අපක්‍ෂපාතී මැතිවරණ සභාපතිවරයෙකු ලෙස ඔහු ඉටුකරන සේවය ඉහළින්ම අගය කරන බවද ඇමැතිවරයා පැවසීය.

පක්‍ෂයේ කීපදෙනෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට තමන් සූදානම් වන බවට පක්‍ෂය තුළින් පවා තමන්ට කොතරම් අභූත චෝදනා අපහාස එල්ලවුවද තමා සිටිනුයේ ශ්‍රීලනිපය සමඟ යැයිද බෙදී වෙන්වී සිටින පක්‍ෂයේ කණ්ඩායම් එකට මැතිවරණයකට රැගෙන යාම තම එකම අභිලාෂය බවද අමාත්‍යවරයා කියා සිටියේය.

‘‘මම මේක අතගගා හිටියේ නැහැ. හැමදේම කළේ රට වෙනුවෙන්’’ පිච් එක දැන් හදලා ඉවරයි. බෝලය කොහාට ගැහැව්වත් මට කමන් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (15)

පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීලා දෙගුණයක්

ධර්මසිරි Thursday, 02 November 2017 04:56 AM

රටට කිසිම ඵලදායිතාවක් නැති තවත් කොටසක් මහජන බදු මුදලින් නඩත්තු කරන්න වෙයි.

:       0       357

ase Thursday, 02 November 2017 04:57 AM

ඒ කියන්නේ කට්ටිය දෙගුණයක් විතර වෙලා, මේවට ගෙවන්නේ කොහොමද ? බදු ගැහෙයි නියමට, කෝ මේවට කෑගහන්න කවුරුත් නැද්දෝ ??

:       0       220

Shehan Thursday, 02 November 2017 05:08 AM

විශ්ව විද්‍යාල උපාධියක් හෝ අවම වශයෙන් උසස් පෙළ සමත් පමණක් ඡන්දය සදහා සියලුම පක්ෂ ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කරමි.

:       0       91

නන්දාවතී Thursday, 02 November 2017 05:10 AM

අලි මදිවට හරක් කිව්වලු, එහෙමනම් අද හරක්ගෙ බර අදින්න වෙන්නෙ මහජන අපිටයි.

:       0       205

Mohamed Oman Thursday, 02 November 2017 05:16 AM

තවත් හාරදාස් ගානකට රජයේ තාවකාලික රැකියා, ඔය සභාවලට කී දෙනෙක් පත්වුනත් මහජනයාට වන සෙතක් නෑ. තව තවත් බදු මුදලින් නඩත්තු වන පිරිස වැඩිවීම පමණයි. 1987න් පස්සේ පළාත් සභාවලත් දුසිම් ගණන් ආණ්ඩුකාරවරු, මන්ත්‍රීලා, ඇමතිලා මේ සේරම නඩත්තු වෙන්නේ මහජන මුදලින්. පළාත් සභාවලට අයිති පාරවල් මහජන පහසුකම් නඩත්තු කරන්නේ නෑ. ප්‍රාදේශීය, නගර සභාත් එහෙමයි.

:       0       206

mahinda Thursday, 02 November 2017 05:29 AM

මට තේරෙන්නේ නෑ කාටද පිස්සු කියල. ඉන්න අය මදිවට තවත්. මෙහෙමත් ලංකාවක්.

:       0       149

Chanak los angeles Thursday, 02 November 2017 05:35 AM

විශිෂ්ට තීන්දුවක් ඇමැතිතුමා. දැන් මහජනයාට දෙගුණයක සේවාවක් ලබා දෙන්න පුළුවන්. අපි යහපාලනය පත්කර ගත්තේ මෙවැනි තීරණ ගන්න .

:       414       46

jiffri Thursday, 02 November 2017 05:55 AM

සියලුම මැතිවරණවලට නාම යෝජනා ඉදිරිපත් කරන අපේක්ෂකයන් හට අවම අධ්‍යාපන සුදුසුකමක් , චරිත සහතිකයක් , තමන්ගේ වත්කම් විස්තර අවශ්‍ය බව ගැසට් කල යුතුයි .

:       0       20

himal Thursday, 02 November 2017 06:33 AM

කාලෙකට ඇයි මෙච්චර ඡන්ද, මේවට සල්ලි වැය කරනවා කියලා කෑ ගහනවා. පස්සේ ඡන්ද නෑ කියලා, දැන් සභිකයො වැඩියි කියලා. මේ සභිකයො පත් වෙන්නේ මහජනතාව අතරින්. පිටසක්වලින් නෙවෙයි. ජනතාව දැන ගන්න ඕන තමන්ට සුදුසු කෙනා පත් කර ගන්න.

:       404       365

mahee Thursday, 02 November 2017 06:34 AM

රටක මිනිස්සුන්ට පෙනෙන්න ඕන තමන් ගෙවන බදු මුදල් තමන්ගේ යහපතට යෙදවෙනවද නැද්ද කියල. දැන් පේන්නෙම අපේ සල්ලි කන මකර කටවල් එන්න එන්නම වැඩිවෙන එක විතරයි. ඉන්න කට්ටිය හිටු කියල වැඩේ දෙනවා. කාර් බාර්, නිල නිවාස, අර දීමනා මේ දීමනා. ඒ ගොඩට තවත් 4000 ක්. ප්‍රජාතන්ත්‍රවාදය රකින්නද? අනේ මෙහෙම පාලකයෝ.

:       9       83

Rohana Thursday, 02 November 2017 07:44 AM

තවතව හොරු බිහි කරන ක්‍රමයක්. රාජ්‍ය සම්පත් වලට දෙවියන්ගේම පිහිටයි!

:       0       40

aravinda Thursday, 02 November 2017 08:43 AM

මේ ණය බරින් කඩා හැලෙන අපේ පොඩි රට පාලනය කරන්න මෙච්චර පාලකයෝ මොකටද? මිනිසුන් ගෙවන බදු මුදල් මේ අයගේ පඩි සහ දීමනා ගෙවන්ට විතරක් ඇති වෙයි. පළාතට වැඩක් කරන්න කිසි මුදලක් ඉතිරි වෙන එකක් නැහැ.

:       0       68

Senarath Thursday, 02 November 2017 09:18 AM

පසුගිය අවුරුදු 2 මේ කිසිම නියෝජිතයෙක් නැතුව ඉදල දැන් මොනවටද දෙගුණයක් කරන්නේ ? දෙගුණයක් කරන්නේ සේවය වැඩි කරන්න නම් පසුගිය අවුරුදු 2 කිසිම සේවයක් නොවුනා කියන එක පිළිගන්න වෙනවා. මේ රජය කරන්නේ මොනවද කියල කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. අහිංසක ජනතාවට බදු ගහල , කිසිම තේරුමක් නැතිව මේවට අනවශ්‍ය විදියට වියදම් කරනවා . සියයට 10 කින් 20 කින් වැඩි උනා නම් පිළිගන්න පුළුවන්.

:       0       162

prakaash Thursday, 02 November 2017 09:35 AM

මොනවාද මේ කරන්නේ

:       0       48

siri Thursday, 02 November 2017 09:39 AM

මෙහෙම පින් පඩි ගන්න අය තව වැඩි කලහම ජනතාව නේද අමාරුවේ වැටෙන්නේ?

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 917 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 264 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 101 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 919 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 674 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 232 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 722 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site