(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද සවස 3.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රටේ පවතින තත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇතැයි කතානායක කාර්යාලය පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුව රැස් නොකිරිමට කතානායකවරයා දැනටමත් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන නායකය ආවත් මහජනයාට අවශ්‍ය වි ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර, ගෑස්, ඉන්ධන, බෙහෙත්, සහන මිලට අඛණ්ඩව හිඟයකින් තොරව ලබාදීම... එසේ කළ නොහැකිනම් කාන්තාවන්ගෙන් ගුටිමුර...
ඇති යන්තම්. දැන්වත් තේරෙනවද ඇයි මිනිස්සු මේ වයසක අය එපා කියන්නේ කියලා...? ඔබතුමාලා අද ලෝකය යන විදියට යන්නේ නෑ. එක තැනම ඉන්නවා. නැත්නම් ඇයි ඔය පාර්ලිමේන්තු රැස්වීම්, අර රැස්වීම්, මේ රැස්වීම් ඔන්ලයින් තියන්න බැරි...? කොච්චර වියදමක් ඉතිරි වෙනවාද...? කෝටි ගාණක්... ඔය පාර්ලිමේන්තු බිල්ඩින් එක ඕනෙත් නෑ. කට්ටිය ඇහැට දකින්නෙම නැතුව ඉන්න බැරිනම් මාසෙකට එක වතාවක් වගේ කොහේ හරි හෝටලයක රැස්වෙන්න. ඒත් ලාභයි. පාර්ලිමේන්තුව රැස් කරන්න යන ඍජුවියදම් වලට අමතරව වක්‍රව කොච්චර වියදම්ද? දැන්වත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙන ගන්න... අවුරුද්දකට පාර්ලිමේන්තුව වහලා ඔන්ලයින් රැස්වීම් තියන්න. ඔය මැති ඇමතිවරුන්ගේ දීමනා අඩු කරන්න. පුළුවන් නම් ඔය ලොකු ලොකු වාහන ටික කොහේ හරි රටකට විකුණලා ඩොලර් ටිකක් ගන්න බලන්න. රට සුඛිත මුදිත වුණාම ආයේ ගන්න පුළුවන් ඕනේ නම්... එතකොට මන්ත්‍රීවරු කවුරුත් කොළඹ ඉන්න ඕනේ නෑ. ඒ ගොල්ලන්ට කොළඹින් ගෙවල් දෙන්න ඕනෙත් නෑ. තමන්ගේ ගෙදර ඉඳන් ඔන්ලයින් රැස්වීම් වලට සහභාගී වෙන්න කියන්න. තෙල් වියදම්, කාර්යාල වියදම් අඩු කරන්න. එහෙට වෙලා තමන්ගේ දිස්ත්‍රික්කේ දියුණු කරන්න කියන්න.