IMG-LOGO

පොකිරිස්සන් එළොව ගිහින් මෙළොව එති

අපණයනය තහනම් කළ කුඩා පොකිරිස්සන් ද, බිත්තර පොකිරිස්සන් ද බලපත් නැති පොකිරිස්සන් ද පෙට්ටි 26ක් රාජසන්තක කළ රේගුව එම පොකිරිස්සන් මුහුදට මුදා හරින ලෙස නියෝග කළේය. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පී නන්දසිරි මහතා පැවසුවේ පොකිරිස්සන් දහසකට වැඩි ප්‍රමාණයක් පෙට්ටි 26ක අසුරා හොංකොං නුවරට යැවීමට ජා ඇල අපණයනකරුවකුගෙන් ලැබුණු බවයි. ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර  මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී කේ.බී නිවුන්හැල්ල,  නියෝජ්‍ය රේගු අධිකාරී එන්.ආර් උඩුවල සහ  සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය,  සහන් ජයසිංහ යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.  



අදහස් (0)

පොකිරිස්සන් එළොව ගිහින් මෙළොව එති

සිල්වා1 Sunday, 04 November 2012 06:43 PM

පොකිරිස්සන් නිකන්ම මුහුදට විසිකරලා හරියන්නෙ නැහැ. උන්ව මුදාහරින්න ඕනෑ කොරල්පර සහිත අභයභූමියකට. (නි)

:       0       0

පිටිගල Monday, 05 November 2012 12:32 PM

තව පොඩ්ඩෙන් මේ පොකිරිස්සන් ඉතාලියෙන් තමයි එලොව යන්නේ (ස)

:       0       0

ෂෙරීෆ් Sunday, 04 November 2012 08:56 PM

වර්තමානයේදී අපේ රටින් මොනවද අපනයනය කරන්න පුලුවන්? (නි)

:       0       0

බර්නාඩ් Monday, 05 November 2012 02:08 PM

ඇත්තටම ඔයාගේ නම වරුණද ? සියල්ලදත්ද ?? (ස)

:       0       0

වරුණ Monday, 05 November 2012 09:19 AM

පත්තර පිටුවල පොකිරිස්සෝ ඔතන්න ඇත්තේ සීතල හැදෙයි කියලා වෙන්න ඇති (ස)

:       0       0

චුට්ටා Sunday, 04 November 2012 02:46 PM

අපරාදේ පිටරට චාරිකාවක් යන්න තිබ්බ චාන්ස් එක පොකිරිස්සන්ට නැති වුණා. (ත)

:       0       0

මුතුකුඩ Sunday, 04 November 2012 03:22 PM

ෂා..පොකිරිස්සන් යලි මුහුදට. එහෙනමි ලංකාවට එන විදේශිකයන්ට පොකිරිස්සන්ගෙන් අඩුවක් වෙන ඒකක් නෑ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 623 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site