
(සමන් පාලිත නානායක්කාර)
සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙයි.
සිය වාහනයට ඉන්ධන නොමැති වීම නිසා ගැලුම් දෙකක් රැගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි රුසියානු සංචාරකයාට ඉන්ධන ලබා ගැනීමට යාමේදී පැමිණ සිටි පිරිස දැක්වූ විරෝධතාව හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇත.

COMMENTS
ඔහොම සංචාරකයින්ට සලකලා ඩොලර් හොයන්න බෑ. තෙල් ඔය ටිකත් ලැබෙන එක ළඟදීම ඉවර වෙයි.. ඩොලර් අපිට ලැබෙන්නේ සංචාරකයෝ නිසා. අමනුස්සකම රජවෙන කොට රටවල් මේ තත්වයට පත්වෙනවා. අල්ලපු ගෙදර කෙනා හාමතේ ඉන්නකොට පෙන්න පෙන්න කන අය අපි දැකලා තියෙනවා.
මහ ලොකුවට කියන්නේ අපි තමයි ආගන්තුක සත්කාර හොඳටම දන්න රට කියලා.
තමුන්ගේ එකාට සලකන්නේ නැති කෙනා අනිත් අයට සලකයිද? ජාතියෙන් උතුම්ම ජාතියනේ...!
දැන් නම් කියන්න දුකයි අපේ රටේ ඉන්නේ අසත්පුරුෂ, ආත්මාර්ථකාමී, අසංවර මිනිසුන්. කොතැන බැලුවත් මේ අයම තමයි පෙරමුණ අරගෙන ඉන්නේ. ධාර්මික හොඳ මිනිසුන් නිහඬව ඉවසාගෙන ඉන්නවා.
ආගන්තුක සත්කාරවලට බොහෝ ප්‍රසිද්ධියක් උසුලපු රටක් ලංකාව. දැන් ඒවත් වෙනස් වෙලාද කොහේද?
විදේශිකයන් ට ලංකාව ට එන්න ලු. ආවට පස්සේ සලකන්නේ මෙහෙමයි. අපේ එවුන් ගේ තියෙන හැදියාව එයාල ඒ රටවලට පෙන්වා දෙයි. මෙහෙමත් කාලකණ්ණි .
මෙම තත්වයට සම්පුර්නයෙන් වගකියන්න ඔනෙ ඉන්ඩන බෙදාහරින්න ාස 2-3 සිට නිසි ක්‍රමවෙදයක් හදාගන්න බරිවුන අන්ඩුව , සංචාරකයට නිසි පහසුකම් දෙන්න බරිනම් අඩුම වශයෙන් ගුවන්තොටුපලට යන්න ඉන්දන ටිකවත් ලබගන්න ක්‍රමවෙදයක් නොමති නම් , සංචාරකයන්ට ලන්කවට එන්න කියන එකෙ තෙරුමක් නැහැ.
ඉවරයි නේද අපේ රට? මේ රටේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැද්ද ඒ රුසියන් මිනිස්සු විතරයි කවදා හරි අපට මොන දෙකින් හරි බලවත් ජාතියක් විදියට අවංකව පිහිටට ඉන්නේ කියාලා. සංචාරකයෝ විදියට මෙහෙම වත් ඩොලර් අපිට ගේන්නේ කියාලා. ඔය ෆේස් බුක් කාරයන්ට වත් බැරිද රටේ ඉන්න මේ මෝඩ මි හරක් මිනිස්සුන්ට ටිකක් තේරෙන විදියට ඕක කියල දෙන්න ඔය රුසියන් මිනිස්සුන්ට ඔහොම කරන්න එපා කියාලා. ඒ මිනිස්සුන්ගේ හිතේ මොන වගේ නරක මතයක් ඇති වෙයිද අපි ගැන? අපිට ඕනි වෙන්නේ ඉවරෙටම ඉවර වෙන්නද?
සිරිලංකාවෙ වැඩිම පිරිසක් කල්පනා කිරීමට හැකියාව නැති එවුන් බව 2019 හා 2020 මැතිවරණ වලින් දැක්කා එහෙම එවුන්ගේ ඔලුගෙඩි හැදෙන තුරු රටට වගතුවක් නැහැ
මොවුන් තමයි සිංහලයෝ. නොදකින්...!
මෝඩ මිනිසුන්... සංචාරක ව්‍යාපාරයට ආර්ථික අර්බුදය අදාළ නැහැ.. විදේශිකයින්ට අප අනුග්‍රහය දැක්විය යුතුය. ඔවුන් නාවොත් රටේ ප්‍රධාන දේශීය ආදායමක් නැතිවෙලා තවත් දුප්පත් වෙනවා නොතේරෙන හැටි...
මනුස්සකම හඳුනන්නේ නැති පිරිසකටයි මැදිවෙලා තියෙන්නේ. තෙල් ටිකක් දුන්නා නම් මොන තරම් වටිනවාද මිනිසුනේ... පිටරටක මනුස්සයෙක් නේද? කාට කියන්නද? අපිට මෙහෙම වුණු දවසක තමයි තේරෙන්නේ. මිනිස්කම දත් එකදු මිනිසෙක්වත් හිටියේ නැද්ද ඔතන...? හපුතලේ කන්ද ඇදපු අය හපුතලේම මනුස්ස ආත්ම ලබලාද කොහේද?.
කියලා වැඩක් නෑ.ඉතාමත් කනගාටුයි.මෝඩ මිනිසුනේ හපුතලේ........ මනුස්සකම ඉගෙන ගනිල්ලා...
මනම්පිටියේ සහ හපුතලේ වෙනස.