
(සුජිත් හේවාජුලිගේ)
නුගේගොඩ රැලියට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට පැහැදිලි තීරණයක් මෙතෙක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම පක්ෂ තුළ බරපතළ මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තාවේ.
ඇතැම් දේශපාලන පක්ෂවල පහළ නියෝජිතයන් මෙම රැස්වීමට යා යුතු බවට දැඩි බලපෑම් කරද්දී ඉහළ නායකත්වය ඊට එකඟත්වය පළ කර නැතැයි වාර්තාවේ.
සමගි ජන බලවේගයේ කමිටු රැස්වීම්වලදීද බහුතර පිරිසක් එම රැස්වීමට යා යුතු බවට ප්‍රකාශ කර ඇතත් පක්ෂ නායකත්වය ඊට අනුකූලතාව දක්වා නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ තත්වය යටතේ සමග ජන බලවේගයට සහාය දෙන ඇතැම් හවුල්කාර පක්ෂවල නායකයන් එම රැස්වීමට තනිවම සහභාගි වීමට තීරණය කර ඇත. මේ අනුව දමිළ ප්‍රගතිශීලි සංවිධානයේ නායක පී දිගම්බරම් මහතාද එම රැස්වීමට සහභාගී වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
මේ අතර මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ද එම රැස්වීමට ආශිර්වාද පළ කර ඇතත් ඊට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර නුගේගොඩ රැලියට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ සමහර දේශපාලන පක්ෂ අවසන් මොහොතේ තීරණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි.
එසේම යම් නඩු කටයුතු පවතින විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ නායකයන්ද මෙම රැස්වීමට සහභාගී නොවීමට දැනටමත් තීරණය කර ඇතැයි දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
නුගේගොඩ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ බොහෝ දේශපාලන පක්ෂ එම රැස්වීමට සහභාගි නොවන්නේ ප්‍රතිපත්තිමය කාරණා හේතුවෙන් යැයි පැවසුවත් එවැනි තීරණ ගෙන ඇත්තේ ආණ්ඩුව සමඟ පවතින ඩීල් නිසා බවයි.
නුගේගොඩ රැලියට යනවා යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ අතර මතුව අැති මෙම බෙදීම් හේතුවෙන් ඉදිරියේදී බරපතළ ගැටුම් පවා නිර්මාණය විය හැකි බව ආරංචි මාර්ග පවසයි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුගේගොඩ රැලියට යනවාද නැද්ද:විපක්ෂය කඹ ඇදීමක