IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ උත්සවයට පැමිණි අමුත්තන් සියල්ලන්ගේම නෙත් සොරා ගැනීමට ආනන්ත් අම්බානිගේ මව නීතා අම්බානි පළමු දිනයේදී  සමත් වූවාය.

විවාහ උත්සවයට පැමිණි නීතා අම්බානි පැළඳ සිටි කැරට් 100 ක කහ පාට විශාල දියමන්තියක් සහිත දියමන්ති මාලය දෙස නොබලා සිටීමට අමුත්තන් බොහෝ දෙනෙකුට නොහැකිවූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සමාන්තර තට්ටු 5 කින් යුත් එම දියමන්ති මාලයේ කහ පාට විශාල දියමන්තිය කේන්ද්‍රස්ථානය වූ බව ඉන්දීය මාධ්‍ය පැවැසුවේය. කැරට් 100 ක විශාල දියමන්තිය අමතරව තවත් කැරට් 80 දියමන්තියක් එහි ඔබ්බවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මුම්බායිහි කාන්තිලාල් චෝටාලාල් ස්වර්ණාභරණකරුවන් විසින් මෙම දියමන්ති මාලය පැය 1000 ක කාලයක් වැය කරමින් නිර්මාණය කර තිබිණි. මෙහි සැබෑ වටිනාකම ඉන්දීය මාධ්‍ය වාර්තා කර නොතිබුණත් මෙම මාලය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7 ත් 10 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක පමණ මුදලක්) නීතා අම්බානි වැය කර තිබෙන බව සමාජ මාධ්‍ය තුළ අදහස් පළ විය.

දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානිගේ විවාහ උත්සවයට ලෝකයේ සිටින ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වේ.



අදහස් (10)

නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී

Prabha Saturday, 13 July 2024 10:45 PM

පරිස්සමෙන් නාමලයා ලෝකයා

:       0       1

Appo Saturday, 13 July 2024 11:17 PM

අමුත්තො අන්ධ වෙලා දැැන්

:       0       1

රංබොඩ Sunday, 14 July 2024 12:34 AM

සාමාන්‍ය පෘතග්ජනයින් කරන දේවල්. සත්‍ය තිබෙන්නේ බොහෝ ඈත. හැබැයි ඔවුන් පින් කළ ඇත්තන්ය.

:       0       4

sam Sunday, 14 July 2024 04:07 AM

විවාහ උත්සවයට ( විවාහ උත්සවය සරල උත්සවයක් කර ) පැමිණි නීතා අම්බානි පැළඳ සිටි කැරට් 100 ක කහ පාට විශාල දියමන්තියක් සහිත දියමන්ති මාලය සහ විවාහ උත්සවයට වියදවූ මුදල ඉන්දොයාවේ හෝ ලෝකයේ වෙනත් රටක සිටින දුප්පත් මිනිසුන් වෙනුවෙන් පනිය ජලය ලබාදීමට හෝ රෝහල් ඉදිකිරීමට හෝ සමාජයට යහපත්වන කටයුත්තක් වෙනුවෙන් ඔවුන් වියදම් කලේනම් ඔවුන්ට (විවාහ උත්සවදී දිනකදී ලබෙනප්‍රතිචාරය ) ලැබෙනා ප්‍රතිචාරය, ගවුරවය සහ අගයකිරිම සදාකාලික වනු ඇත.

:       5       20

Bamunuarachchi Sunday, 14 July 2024 06:29 AM

එතකොට අමුත්තෝ ආපසු ගම රට යන්නේ ඇස් නැතුවද? අම්බානි අනුරට ආරාධනා කලේ නැද්ද?

:       16       5

Saman Dissanayake Sunday, 14 July 2024 07:46 AM

මුන්ගේ ඔලු පරීෂා කරන ඕනි. මෙචර වියදම් කරලා මගුල් ගන්නවට . මම 3, 4 පාරක් ඉන්දියාවට ගිහින් තියෙනවා. මිනිසුන්ට වැසිකිලි යන්න වැසිකිලි නැහැ. උදේට මුම්බායි වල මුහුදු වෙරළේ දහස් ගානක් එනවා ඔය වැඩේ කරන්න. දුම්රිය මාර්ග වලත් එහෙමයි . උතුරු පැත්තට ගියොත් මිනිසු ඇවිදින ඇටසැකිලි බිම තියන අහුල අහුල කනවා. ඒ අතින් අපේ රට දිවිය ලෝකයක්.

:       8       21

Bamunuarachchi Monday, 15 July 2024 10:56 PM

අම්බානිගෙ පුතා මගුල් කෑවේ ආණ්ඩුවේ සල්ලි වලින් නොවෙයි. අම්බානි දේශපාලයෙක් නොවෙයි. හැබයි දේශපාලකයින්ව පාලනය කරනවා.

:       0       0

Rohana Sunday, 14 July 2024 11:58 AM

මිලමුදල් යහමින් තිබූ පලියට අනවශ්‍ය පුහු ආටෝපවැඩවලට වියදම්කරමින් මෙහම මාසගනන් මගුල්කන්න අත්‍යාවශ්‍යද? ඉන්දියාවෙ දුප්පතුන් සෑහෙන පිරිසක් ඉන්නවා. මේ නාස්තිකරන සල්ලිවලින් දුප්පත් මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න බැරිද?

:       0       9

ගමේ එකාලා Sunday, 14 July 2024 12:59 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ලේත් මොනතරම් වටින ඒවා ඇත්ද?

:       0       12

රාලහාමි Sunday, 14 July 2024 09:51 PM

නිතා නෝනේ, ප්‍රවේශමෙන්... නාමල් බේබියා ගෑනිත් එක්ක ඔය මගුලට ආවා. දැනටමත් පරක්කු වැඩියි වෙන්න පුළුවන්.. ඔබ ඔය පැළඳගෙන ඉන්නේ ඇත්තම මාලයද නැතිනම් ඒ වගේම නිර්මාණය කරපු ෆේක් දියමන්ති මාලයක්ද කියලා පරික්ෂා කරවන්න. සමහරවිට ඇත්ත දියමන්ති මාලය දැනටමත් නාමල් බෙබියා ළඟ වෙන්න පුළුවන්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site