IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය පොලිස්පති බිරියගේ නිධන් සිද්දිය සී.අයි.ඩියට

(උපාලි ආනන්ද)
අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල  ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක්  තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන්  පිරිසක් නිදන් වස්තූන් ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීම සම්බන්ධ සියලු විමර්ශන වාහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන්  ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්  නාලක සංජීව ජයසූරිය මහතාා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාට අද නියෝග කළේය.   
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ මෙම නිදන් හෑරීමේ සිද්ධියට අදාළ නඩුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝෂමක් මගින් යළි කැදවා අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.
මෙම  සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා  කර බලා  ඊට අදාළ පුරා විද්‍යා වාර්තාව පැක්ස් මගින් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද   ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කරනු ලැබීය. 
මෙම නිදන් හෑරීමේ සිද්ධියට අදාළව දැනට බන්දධනාගාර ගත කර සිටින නියේජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන්ගෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළදී ප්‍රකාශ  සටහන් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසත් ඊට අවශ්‍ය පහසුකම්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සලසා දෙන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතාට තවදුරටත් නියෝග කෙරිණ.

 



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති බිරියගේ නිධන් සිද්දිය සී.අයි.ඩියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 120 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1064 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site