IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැනෝ පොහොර දූෂණ හොයන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙි.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2021 වසරේ දී නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් මෙරටට ආනයනය කෙරිණි.

නැනෝ පොහොර ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාල කමිටුව පත්කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (1)

නැනෝ පොහොර දූෂණ හොයන්න කමිටුවක්

Kumar (Gulf) Thursday, 25 May 2023 06:55 PM

ආයේ මොකටද කමිටුවක්..? බෙල්ලෙන් අල්ලගන්න... අර අලුත් ගමයාව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site