IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නාය අනතුරකින් කිතුල්වල කන්ද පාමුල පිරිස් ඉවත් කරති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉරිතලා යාම් හේතුවෙන් නායයාමේ අවදානමක් උද්ගතවිය හැකි බවට සැක කරන හෙයින් කන්ද අවට ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානයන්හි නවතා තැබීමට බලධාරීහු පියවර ගත්හ.

කලුඅග්ගල, කිතුල්වල, ඉහලගම, පහලගම, නයිංගල, වල්පලමුල්ල, පෙදෙස්වල පදිංචිකරුවෝ සියයකට වැඩි පිරිසක් මේ වනවිට කලුඅග්ගල පුරාණ විහාරයේ හා නයිංගල විහාරස්ථානයේ රැදී සිටිති.

තවත් සමහරු හිතවතුන්ගේ නිවෙස්වල රැදි සිටින බව දැනගන්නට ලැබිනි. මීරිගම ගුවන් හමුදා කදවුර පිහිටා ඇත්තේද මෙම කදුබිමේය.

දින කිහිපයක සිට පැවති පැලුම ක්‍රමක්‍රමයෙන් විශාල වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු සදහන් කළහ. විශාල ගසක මුල අසලින් තිබූ පැලුමෙන් එම ගසේ මුල කැඩී ඇති බවද නිරීක්ෂනය වී ඇත.

කලුඅග්ගල කිතුල්වල කන්දේ තැනින් තැන පවතින පැලුම් හා කුහර සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය මගින්  මූලික පරීක්ෂණයක් පවත්වන ලද අතර එමගින් ලැබෙන වාර්තාවව අනුව ඉදිරි පියවර ගන්නා බව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. 

 



අදහස් (1)

නාය අනතුරකින් කිතුල්වල කන්ද පාමුල පිරිස් ඉවත් කරති

පන්සිළු Friday, 05 December 2025 11:56 AM

කවුරුත් ජීව්ත බේරාගන්න. අනිත් දේවල් පස්සේ හොයාගන්න පුළුවන්...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 74 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site