නාමල් උයන රක්ෂිතයේ පිහිටි තිරුවානා නිධිය බෝර දමා පුපුරවා එහි තිරුවානා කැබලි විදේශ සමාගමට ලබා දුන් බව කියන තිදෙනක් ඊයේ (04) අනුරාධපුර අඩවි වන කාර්යාලීය නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
තිරුවානා නිධිය බෝර දමා විනාශ කරන බව ඉකුත් 2 වැනි දින ලංකාදීප පුවත්පතෙන් හා 3 වැනි දින ලංකාදීප පුවත්පතේ කතු වැකියෙන් කළ හෙළිදරව්වෙන් පසු මෙම පුද්ගලයා අතුඅඩංගුවට ගැනීම විශේෂත්වයකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පලාගල ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රිසි ගුරුවරයකු බව අනුරාධපුර අඩවි වන කාර්යාලය කියයි.
මේ ක්‍රියාවට වනවාසී රාහුලහිමියන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසින්ගේ ද දැඩි විරෝධතා එල්ලවී තිබිණි.
සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අනුරාධපුර අඩවි වන නිලධාරී ලලිත් ගමගේ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගේ අධෝ මාර්ගවලටත් බෝර දාන්න ඕනේ. (නදී)
නාමල් උයනේ භාරකාරත්වය අර කාටද භාර දුන්නා කියලා ප්‍රවෘතියක් මාස දෙක තුනකට පෙර මොකක් හරි මාධ්‍යයකින් ප්‍රචාරය කෙරුනා වගේ මට මතකයි.(නදී)
මොන තරම් වටිනා සම්පතක්ද? කන්ද පාමුලත් පොලිස් මුරපලක් තියෙනවා..බෝර දානකොට සද්දේ එනවනේ. දවසකට නඩ කීයක් එනවද,රෝස තිරුවානා කන්ද නගින තෑනම පුංචි කඩයකුත් තියෙනවා. තරාතිරම් බලන්නේ නෑතිව වටකරලා දෙන්නයි තිබුනේ.මීට වඩා ආරක්ෂාවක් මෙ ජාතික වස්තුවට ලබාදිය යුතුයි.(නදී)
නාමල් උයනේ රක්ෂිතයා නාමල් ! කවුද නාමල්ට හොරෙන් බෝර ගැසුවේ ? අනේ වනවාසී රාහුල හිමියනි මේ ගැන නාමල්ට කියන්න.(නදී)
ලොකු ලොක්කෝ කිහිප දෙනෙක්ම වටිනා ඛනිජ සම්පත් පිට රටවලට කුණු කොල්ලයට විකුණපු ආදර්ශය තමයි ඔය, මහා පොළව උලා කන සත්තු.(නදී)
සීගිරියත් කළුගල්වලට කඩයි ලගදීම.(නදී)
මේ අයට නම් වැහි නැති හෙන වදින්න ඕනා.(නදී)
රටේ ස්වභාවික සම්පත් විනාශ කිරීම ගම් මට්ටමට ලබාදුන්නේ රජයේ අක්‍රමිකතා වැඩ පිළිවෙලවල් හරහා.(නදී)
මේක රෝස තිරිවානද - සුදුතිරිවානද ? මම හිතන විදියට මක නාමල් උයනේ රෝස තිරිවානා කන්ද නෙමේ ... කවුරුහරි පැහැදිලි කිරීමක් කරන්න.(නදී)
අනුමානයක් නැහැ රජයේ දේශපාලනයෙක් සම්බන්ද ඇති. (නදී)
අනවසරයෙන් මේක කඩන එක නම් නීතී විරෝධියි (දිල්)
මේ අපරාද කරන අයට කවදාවත් සැනසීමක් ලැබෙන්න නැ(දිල්)